දුම්රිය ස්ථානාධිපතිවරුන් ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් 

දුම්රිය ස්ථානාධිපතිවරුන් ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් 
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.
 
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා විසින් අද පැවැති මාධ්‍ය හමුවකදී සිය වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරනු ලැබුවේ මේ අයුරිනි.
 
“අද දින රාත්‍රී 12.00ට අපි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමු වෙන්නට තීරණය කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් සිදු කරන  මේකෙ මූලික කරුණ වෙලා තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති සේවක හිඟය දැඩිව බලපාලා තියෙනවා. දෙපාර්තමේන්තුව මෙහෙම පුරප්පාඩු ගොන්නක් මැද්දේ සිටිනවා නම් තව මාස දෙකක් ඇතුළ මේක කඩා වැටෙනවා."
 

මෙම සේවක ගැටළු විසඳීමට කඩිනම් පියවර ගත යුතු බවත්, ඒසේ නොවුණහොත් දැඩි අර්බුදයක් මතුවීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේය.