අභ්‍යාසලාභී උපාධිධාරීන්ට රාජ්‍ය සේවා අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්!

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට රාජ්‍ය සේවා අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්!

2019 වසරේ දී බඳවා ගෙන අභ්‍යාසලාභී පුහුණුව සම්පූර්ණ කළ උපාධිධාරී අභ්‍යාසලාභීන් 12000ක ගේ පමණ සුදුසුකම් පරික්ෂා කිරීමේ මණ්ඩල පෙබරවාරි 13,14,15,16,17 සහ 18 යන දිනවල රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අංශයේ දී පැවැත්වේ.

අභ්‍යාසලාභී නිලධාරීන් ගෙන්වා සුදුසුකම් පරික්ෂා කිරීම කොවිඩ් රෝග තත්ත්වය ව්‍යාප්තිය හේතුවෙන් ඇති වී ඇති අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතූවෙන් සිදුකළ නොහැකි නමුත් මෙම කටයුත්ත කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විශේෂ අනුමැතියක් ලබා ගෙන අභ්‍යාසලාභී නිලධාරීන් නොකැඳවා සුදුසුකම් පරික්ෂා කිරීම සිදු කිරීමට නියමිත ය.

මෙම නිලධාරීන්ගේ තොරතුරු කැඳවීම මාර්ගගතව සිදුකළ අතර සුදුසුකම් පරික්ෂා කිරීම සඳහා වන ලේඛන කට්ටල් 12000ක් පමණ කෙටි දැනුම් දීමකින් සතියක් වැනි කාලයක් තුළ මෙම අමාත්‍යාංශය වෙත එවීමට අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ දි.ලේ සහ ප්‍රා.ලේ කාර්යාල කටයුතු කිරීම අගය කළ යුතු වේ. සුදුසුකම් පරික්ෂා කිරීමේ මණ්ඩල පැවැත්වෙන අතර තුර දීම එහි දී අනාවරණය කරගන්නා කරුණු පරිගණක මෘදුකාංගයේ යාවත්කාලීන කිරීමට නියමිත ය.

ඒ අනුව ලේඛන පරික්ෂා කිරීමේ දී යම් ගැටලුවක් මතුවුවහොත් සහ ලේඛනවල අඩුපාඩු තිබුණහොත් ඉහත දින කිහිපය තුළ එම නිලධාරීන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන අඩුපාඩු නිවැරිදි කිරීමට නියමිත ය. (එසේ ඇමතීම් සිදු කරනු ලබන්සේ අත්‍යාවශ්‍ය කරුණක දී පමණක් බව කරුණාවෙන් සලකන්න.)

උපුටා ගැනීම - Ministry of Public Administration, Home Affairs, Provincial Coun & Loc Gov ෆේස්බුක් පිටුව