අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණු කාලය ගැන අලුත් හෙලිදරව්වක්

අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණු කාලය ගැන අලුත් හෙලිදරව්වක්
අභ්යාසලාභී උපාධිධාරී පුහුණුකාලසීමාව මාස 06 කට සීමා කර උපාධිධාරීන් ස්ථීර කරන මෙන් ඉල්ලා සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ලිඛිතව ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරිය ආරචිචි මහතා විසින් යොමුකර ඇති සම්පූර්ණ ලිපිය හා එහි අන්තර්ගත කරුණු පහතින් දැක්වෙයි.
 
2021. 02. 17
ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
 
ගරු ජනාධිපතිතුමනි,
 
අභ්යාසලාභී උපාධිධාරී පුහුණුකාලසීමාව මාස 06 කට සීමා කර උපාධිධාරීන් ස්ථීර කරන මෙන් ඉල්ලා සිටිමු.
 
2020 සැප්තැම්බර් 02 දින හා 2021 පෙබරවාරි 01 දින ආරම්භ කර ඇති අභ්යාසලාභී උපාධිධාරී වසරක පුහුණු කාලසීමාව මාස 06 දක්වා අඩුකර එම උපාධිධාරීන් රජයේ තනතුරුවල ස්ථීර කිරීමට පියවර ගන්නා මෙන් අප සංගමය රජයෙන් ඉල්ලා සිටිමු.
 
උපාධිධාරීන් සඳහා ලබාදෙන අභ්යාසලාභී පුහුණුව කිසිඳු ඵලදායී පුහුණුවක් නොවන අතර එම කාලයත් අදාළ තනතුරේම රාජකාරී කිරීමක ස්භාවයක් උසුලන අතර අදාළ උපාධිධාරීන් සෑම රාජ්ය ආයතනයකම විවිධාකාර මට්ටමේ එදිනෙදා අවශ්යතා පියවා ගැනීමට යෙදවීම දක්වාම පත්ව ඇත. එමගින් උපාධිධාරීන්ගේ අනාගත වෘත්තීය ගෞරවයට හානියක් සිදුවන අතර එවැනි වටපිටාවක් නිර්මාණය වීම වළක්වා අභ්යාසලාභීන් තනතුරේ ස්ථීර කර ස්ථීර කිරීමෙන් පසු පරිවාස කාලයේ දී ලබා ගන්නා පුහුණුව ඒ සඳහා පරමාණවත් බව පෙන්වා දෙන්නෙමු. අභ්යාසලාභී පුහුණු කාලසීමාව තුළ මානසික මෙන්ම කායික පීඩාවන්ද, බිඳවැටීම් ද ඇතිවන අතර යහපත් මහජන සේවාවක් වෙනුවෙන් වූ අඩිතාලමකට එම ආරම්භය සුදුසු නොවන බව වැඩිදුරටත් පෙන්වා දෙන්නෙමු.
 
02) අධ්යාපන සුදුසුකම් නොමැති තරුණ තරුණියන් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමේ රජයේ වැඩසටහන යටතේ බහුකාර්ය දෙපාර්තමේන්තුව මගින් වූ බඳවාගැනීමේ දී එම පිරිසේ පුහුණු කාලසීමාව මාස 06 කි. මාස 06 න් පසු රජයේ තනතුරුවල ඔහුන් ස්ථීර කරනු ලැබේ.
 
03) රටේ ඉහළම අධ්යාපන සුදුසුකම වන උපාධියෙන් බඳවාගන්නා අභ්යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණුව වසරකි. මාස 12 කි. අවසානයේ දී ස්ථීර කිරීමේ දී එය මාස 18, 19 පවා ඉක්මවා යමින් බලධාරීන් කටයුතු කරයි.
 
04) අධ්යාපන සුදුසුකම් රහිත තරුණ තරුණියන්ගේ මාස 06 ක පුහුණු කාලසීමාව තුළ එක් මසක් සඳහා මසකට රු. 22500/- දීමනාවක් ගෙවන අතර උපාධිධාරී අභ්යාසලාභීන් සඳහා එක් මසකට රු.20000/- දීමනාවක් ගෙවනු ලබයි.
 
05) 2020 රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම යටතේ උපාධිධාරීන්ගේ අභ්යාසලාභී පුහුණුව මුලින්ම ආරම්භ වූයේ 2020 මාර්තු 02 දිනය. රජයේ පරිපාලන දෝෂ හේතුවෙන් ඔවුන්ට මාස 06 ක් නිරපරාදේ වන්දි ගෙවීමට සිදුවිය. එම කරුණුද අපගේ ඉහත ඉල්ලීමේ මූලික පදනම් කරුණක් වනු ඇත.
 
06) Covid - 19 වෛරසය හා නව පරභේදය ව්යාප්තිය ඇතුළු කරුණු හේතුවෙන් රටේ සමස්ථ ජනතාව මෙන්ම රාජ්ය සේවකයින් ද දැඩි පීඩනයක් යටතේ කටයුතුකරන පසුබිමක අභ්යාසලාභී උපාධිධාරීන් 2020 මාර්තු 02 දින සිට මුහුණ දී ඇති පීඩාකාරී තත්වය අවධානයට යොමු කරවමු.
 
ගරු ජනාධිපතිතුමනි,
ඉහත සඳහන් කරුණු පිළිබඳව ගරු ඔබතුමාගේ විශේෂ කාරුණික අවධානය යොමුකර 2020.09.02 හා 2020.02.01 යන දිනයන්හි ආරම්භ වී දැනට කරියාත්මක අභ්යාසලාභී උපාධිධාරීන්ගේ වසරක පුහුණු කාලසීමාව උක්ත පූර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින් මාස 06 ක කාලසීමවාක් දක්වා අඩුකර තනතුරුවල ස්ථීර කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතියක් ලබාගෙන රාජ්ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය වෙත ලබා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.
 
ස්තූතියි.
මෙයට,
චන්දන සූරියආරච්චි
රධාන ලේකම්
සංවර්ධන නිලධාරී සේවා සංගමය