දුම්රිය මඟීන්ගේ ඉල්ලීමෙන් දෙනුවර මැණිකේ යලි ධාවනයට

දුම්රිය මඟීන්ගේ ඉල්ලීමෙන් දෙනුවර මැණිකේ යලි ධාවනයට

ශ්‍රී ලකා දුම් රිය ස්ථානාධිපති සංගමයේ නිල ෆේස්බුක් පිටුව හරහා මඟින් බොහෝමයක් කළ ඉල්ලීම් සලකා බලමින් සංගමයේ මැදිහත්වීමෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ගමනාගමන වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පාසල් නිවාඩුව වෙනුවෙන් දෙනුවර මැණිකේ කොළඹ/බදුල්ල නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අප්‍රේල් 01 පළමුවෙනිදා සිට ධාවනයට එක් කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම වෙත සඳහන් කළේ දුම්රිය ආසන වෙන්කරවා ගැනීමේ පහසුකමද දැන් සිදුකර ගත හැකි බවයි.

159517250 273150667759798 4832900664407399040 n