අභ්‍යාසලාභීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් අලුත් ආරංචියක්

අභ්‍යාසලාභීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් අලුත් ආරංචියක්

ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයට බදවා ගන්නා ලද උපාධිධාරිනියන්ට ලබාදෙන ප‍්‍රසූත නිවාඩු දින 42කින් කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද දිනයේ (12) දවල් 11.00 ට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා වැඩබිම වෙත අදහස් දක්වමින් කියා සිටියේ.