රජයේ දන්ත වෛද්‍යවරු දීපව්‍යාප්තව වැඩ වරයි

රජයේ දන්ත වෛද්‍යවරු දීපව්‍යාප්තව වැඩ වරයි
රජයේ දත්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක්  දියත්කර තිබේ.
 
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  රජයේ දත්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ,2020 ජනවාරි පළමු වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ස්ථාන මාරු ලැයිස්තුව මෙතෙක් නිකුත් නොකිරීම, සීමාවාසික පුහුණුව ලබන දන්ත වෛද්‍යවරුන්ට හිඟ වැටුප් දීමනා ලබා නොදීම, මහරගම දන්ත ආයතනයේ ඉගැන්වීම් කටයුතු සඳහා ආචාර්යවරුන් බඳවා නොගැනීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව මෙලෙස වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ බවයි.
 
එමෙන්ම මෙම වැඩවර්ජනයට සමගාමීව අද (22 වැනිදා) දහවල් 12.00 සිට පස්වරු 1.00 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පවත්වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
 
කෙසේ වෙතත් වැඩ වර්ජනය ක්‍රියාත්මක කාලසීමාව තුළ අත්‍යවශ්‍ය දන්ත සේවා පවත්වාගෙන යන බවද වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා පැවසීය.