අරගලය නොනවතී ! විරෝධතාකරුවෝ අරලියගහ මන්දිරය වටලයි

අරගලය නොනවතී ! විරෝධතාකරුවෝ අරලියගහ මන්දිරය වටලයි
රාජ්ය බැංකු ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වීමෙන් අනතුරුව 2020-06-26 වන දින පැවති සාකච්ඡාවේ දී ඒ සඳහා විසඳුම් ලබාදෙන ලදි. ඒ අනුව එම විසඳුම් ක්රියාත්මක කරවා ගැනීම පිණිස 2020-07-03 දින මුදල් අමාත්යංශයේ ලේකම් ඇතුලු ප්රධාන නිලධාරීන් සමග සාකච්ජා කරන ලදුව, එතුමා විසින් ඉතා පැහැදිලිව එම විසඳුම් ක්රියාත්මක කිරීමට එකඟ විය.
 
තව දුරටත් නොවිසදී ඇති ගැටලු
1.) රාජ්ය බැංකු විශ්රාම වැටුප් සංශෝධනයන්
2.) ලංකා බැංකුවට 2018 දී බදවාගන් සේවකයින් රාජ්ය ප්රතිපත්තියට අනුව වසර 2 ක සේවා කාලයෙන් පසුව සේයේ ස්ථිර නොකිරීම.
3.) ලංකා බැංකුවට අනුබද්ධ ශ්රී ලංකා මර්චන්ට් බැංකුවේ (MBSL) බරපතල විෂමාචාර සහ පරිපාලන දුර්වලතා වළට පිළියම් නොයෙදීම.
 
ඉහත ගැටලු විසඳා ගැනීමට අවශ්ය උපදෙස් භාණ්ඩාගාර ලේකම්තුමා විසින් ලිඛිතව හා වාචිකව රාජ්ය බැංකුවලට ලබාදී තිබුණ ද එම උපදෙස් ලබාදී මාස 7 කට අධික කාලයක් ගතව ඇතත්, විසඳුම් ක්රියාත්මක කිරීම බැංකු පාලකයින් විසින් හිතාමතාම කල් මරමින් සිටින හෙයින් එම ගැටලු මුල්කරගෙන ලංකා බැංකු සේවක සංගමය විසින් ගෙන යනු ලබන වෘත්තීය අරගලයේ මහා පිකට් උද්ඝෝෂණවල සිව්වන දින උද්ඝෝෂණය අද ඉතා තියුණු මුහුණුවරක් ගත්හ.
 
අද (23) දින විරෝධතාවය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්රධාන කාර්යාලය අසලින් ආරම්භ විය.පසුව විරෝධතා කරුවන් ධජ හා පතාක රැගත් සාමකාමී පෙළපාලියක් ලෙසින් අරලියගහ මන්දිරය දෙසට ගමන් ගන්නා ලදී.අතරමගදී පොලීසීය විසින් පෙළපාලිය නතර කළ අතර විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකු හට අරලියගහ මන්දිරය වෙත පිවිස සංදේශය භාර දීමට අවසර දෙන ලදී.
 
අද සිව්වන දිනටත් රැළිය ඇමතීම සිදු කළ ප්රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයා පැවසූවේ අරගලය ජයග්රහණය කිරීමකින් තොරව මෙම සටන අත් නොහරින බවය.
වෘත්තිය අරගලයන්ගේ ඉදිරි ක්රියාමාර්ග ඉතා ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.
 
විශ්රාම වැටුප් අරගලය දිනේවා !
ලංකා බැංකු සේවක සංගමයට ජයවේවා !
ලංකා බැංකු සේවක සංගමය
2021.03.23

#හදවතේපළඳිමු

164526657 276068837375803 2904858892521815565 n

164047047 276069264042427 1523974741633695462 n

164429705 276068964042457 1638038297910953188 n

උපුටා ගැනීම - cbeu voice නිල ෆෙස් බුක් පිටුව