ගුරු අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්/ඩිලෝමාධාරීන් ජාතික පාසල් ගුරු සේවයට

ගුරු අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්/ඩිලෝමාධාරීන් ජාතික පාසල් ගුරු සේවයට
ගුරු පුරප්පාඩු පිරවීමට නව ඩිප්ලෝමාධාරීන් හා උපාධිධාරීන් බඳවා ගැණීමට ඉදිරියේදී කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවට අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදි  ප්‍රකාශකර තිබේ.
 

“ඒ අනුව ගුරු පත්වීම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළම ලබාදීමට බලාපොරොත්තු වෙනවා.”

ඉදිරියේදී ජාතික පාසල් හා පළාත් සභා පාසල් අතර ගුරු තුලනයක් කිරීමට නියමිතව තිබෙනවා. එමඟින් මෙම පාසල්වල ගුරු උෟණතා සම්පූර්ණ කිරීමට ප්‍රතිපාදන වෙන්වන ආකාරය හා කාලය අනුව ප්‍රමුඛතා මත ක්‍රමක්‍රමයෙන් අදාළ අඩුපාඩුව සම්පූර්ණ කිරීමට ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා.

විපක්ෂ මන්ත්‍රි කිංස් නෙල්සන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩුපාඩුකම් සහිත පාසල් සංවර්ධනය සඳහා රජය පියවර ගන්නා ආකාරය පිළිබඳ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි පාසල්වල වැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ 2020 වර්ෂය සදහා පාසල් එකොළහක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබාදී තිබෙනවා." යනුවෙන් වැඩිදුරටත් සඳහන් කරන ලදී.