කම්කරු දෙපාර්තමේන්තුවන් මහජනතාව වෙත විශේෂ නිවේදනයක්!

කම්කරු දෙපාර්තමේන්තුවන් මහජනතාව වෙත විශේෂ නිවේදනයක්!

කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ 'අප අමතන්න' යටතේ සඳහන් කර ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කම්කරු නීතිවලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැමිණිලි, විමසීම් සිදුකළ හැකි බව මහජනතාව වෙත දැනුම්දී තිබේ.

තවද ලිඛිත විමසීම් තමා සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා තිබෙන බලප්‍රදේශයට අයත් කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට ද අවස්ථාව සලසා තිබෙන බවත් අමාත්‍යාශය දැනුම්දී තිබේ.
 
වතින කොවිඩ් තත්ත්වය මත කම්කරු දෙපාර්තමේන්තුවට අයත් කම්කරු කාර්යාල මහජනතාව සඳහා විවෘත නොවන නමුත් අවශ්‍ය සේවා සැපයීමට මෙලෙස පියවර ගෙන ඇත.

කම්කරු දෙපාර්තමේන්තුවට අයත් නිල වෙබ් අඩවිය - http://www.labourdept.gov.lk

ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින්,

1