සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂව සුරක්ෂිත නොකිරීම සහ ගැටලූ සඳහා විසඳුම් ලබා නොදීමට එරෙහිව දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, 2021.06.08 වන දින ඌව පළාත, 2021.06.10වන දින මධ්‍යම පළාත හා වයඹ පළාත, 2021.06.11 බස්නාහිර පළාත හා නැගෙනහිර පළාත, 2021.06.14 වන දින දකුණු පළාත හා සබරගමු පළාතට අයත් රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පෙ.ව 11 සිට 12.00 දක්වා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වත් වන බව සමස්ත ලංකා සුවසේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
පළමුවන කොවිඩ් රැල්ල ආරම්භයේ සිට මේ මොහොත වන තෙක් රට පුරා වසංගතයක්ව පවතින තුන්වන කොවිඩ් වසංගත තත්වය දක්වා කාලය තුල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මුහුණ පෑමට සිදුව ඇති අවධානම් සහගත තත්වය සඳහා කඩිනමින් පිළියම් යොදන ලෙසත් එසේම දීර්ඝ කාලීනව පවතින ගැටලූ සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත් අප සංගමය විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත දිගින් දිගටම ඉල්ලීම් කළද මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිඳු අවධානයක් යොමු කර නැත.
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා දැඩි දුෂ්කරතා හා අවධානම් තත්වයක් හමුවේ සිය කාර්යභාර්ය ඉටුකරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බලපාන ගැටලූ සම්බන්ධයෙන් වන අප සම්මේලනය විසින් අඛණ්ඩව ඉදිරිපත් කල ඉල්ලීම් සම්බන්ධයෙන් නොසලකා හැරීම යනු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නොසලකා කටයුතු කිරීමක් ලෙස විශ්වාස කරන අප සංගමය ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය ප‍්‍රකාශ කර සිටිමු.
එබැවින් ,
යන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බලපාන ගැටලූ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවන්ට මුහුණ දී ඇති අතර එම තත්වය ක්ෂේත්‍රය තුළ නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වී ඇත. එම පවතින ගැටලූ සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට අප සංගමය විසින් කොතෙකුත් උත්සායන් ගත්තද ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගැටලූ නොසලකා කටයුතු කරයි. එයට එරෙහිවත් ඉල්ලීම් දිනාගැනීම සඳහාත් අප සංගමය විසින් 2021.06.08 වන දින සිට දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව 2021.06.08 වන දින ඌව පළාත, 2021.06.10වන දින මධ්‍යම පළාත හා වයඹ පළාත, 2021.06.11 බස්නාහිර පළාත හා නැගෙනහිර පළාත, 2021.06.14 වන දින දකුණු පළාත හා සබරගමු පළාතට අයත් රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පෙ.ව 11 සිට 12.00 දක්වා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වේ.
