සෞඛ්‍ය සේවාවේ හා නිරෝධායන නීතියේ මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා අපැහැදිලි තීරණ පිළිබඳව විධිමත් හා කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙසප ඉල්ලා වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2021.07.08 වැනි දින ගුරු වෘත්තීය සමිති හා ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් විසින් මූලික සෞඛ්‍ය අරක්ෂණ පිළිවෙත් රකිමින් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ සිදු කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුරදී පොලිසිය විසින් සෞඛ්‍ය නිර්දේශ වලට පටහැනිව කටයුතු කිරීමේ වරදට අදාල ක්‍රියාකාරිකයන් 31 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත නිදහස් කරනු ලැබීය. ඉන් අනතුරුව පොලීසිය විසින් අදාල ක්‍රියාකාරිකයින් බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා මුලතිව් ගුවන් හමුදා කඳවුරට අනුබද්ධිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය අතර 2021.07.10 දින ඔවුනගේ පීසීආර් නිදර්ශක ලබා ගෙන ඇති අතර එදිනම ඔවුන් ආසාධිත නොවන බවට තහවුරු වී ඇතත් තවදුරටත් කඳවුරු නිරෝධායනයේ රඳවා තබා ඇත.
උක්ත ක්‍රියාන්විතය හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මහජනතාවගේ සෞඛ්‍ය ප්‍රමුඛ කර ගනිමින් පමණක් ගනු ලබන එකක්මද යන විවාදාත්මක තත්ත්වයක් රටතුල ගොඩනැංවී ඇති අතර “නිරෝධායන අත්අඩංගුව” සහ “නිරෝධායන රැඳවියන්” වැනි වචන සෞඛ්‍ය වචන මාලාවට එක් වෙමින් තිබේ. නමුත් එකී “නිරෝධායන අත්අඩංගුවට” ගැනීම හෝ නිරෝධායනයේ රඳවා තබා ගැනීම සෞඛ්‍ය සේවාවේ තීරණයක්ද, පොලිසියේ තීරණයක්ද එසේත් නොමැතිනම් වෙනත් පාර් ශවයක උවමනාවක්ද යන්න පැහැදිලි නොවේ. තවද එකී තීරණ ගැනීමේදී ලොකු කුඩා සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ලබා දී ඇති අනුබලය වසංගත විද්‍යාවට ආදාලවම ගනු ලැබූ බව තහවුරු කිරීම හෝ එසේ නොමැතිව කිසියම් නිළධාරියෙකු සිය පෞද්ගලික උවමනාව මත සෞඛ්‍යමය තීරණයන් වෙනත් කාර්යයක් සඳහා අනියම්ව යොදවා ගැනීමට ඉඩ හැර ඇත්නම් ඊට සමස්ථ සෞඛ්‍ය සේවාව වග නොකියන බව මහජනතාව වෙත පැහැදිලි කිරීම සඳහා පහත කරුණු පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.
උක්ත කරුණු පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදු කර අදාල තොරතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍ය සේවාව පිළිබඳව මහජන විශ්වාසයත් වසංගත පාලනයේදී ඊට අදාල වසංගත විද්‍යාත්මක පිළිගැනීමත් තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බව අප තරයේ විශ්වාස කරමු. එබැවින් සෞඛ්‍ය සේවාව සඳහා රට ඉදිරිපත් කර ඇති ඉහත ලිට්මස් පරීක්ෂාව සිදුකර සෞඛ්‍ය සේවාවේ අනන්‍යතාවය සුරැකීම සඳහා කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර එය ඔබගේ වගකීමක් බවද අවධාරණය කරමු.
