පරිපාලන සේවා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දික් කරන ලෙස ඉල්ලීමක්

පරිපාලන සේවා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දික් කරන ලෙස ඉල්ලීමක්

ශ්‍රී ලංකා පරිපාලන සේවා (සීමිත) හා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවා (සීමිත) තරඟ විභාග අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය යළි සලකා බලන ලෙස ඉල්ලා සිටිමින් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, 2021 අගෝස්තු 06 දින ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකා පරිපාලන සේවා (සීමිත) තරඟ විභාගය හා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා (සීමිත) තරඟ විභාගය සඳහා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ නියුතු වූවන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.

උක්ත තරඟ විභාග දෙකටම අදාළව අයදුම්පත් කැඳවීමේ දී අදාළ අයදුම්කරුවන් අයදුම්පත ඉදිරිපත් කල යුත්තේ මාර්ගගත (Online) ක‍්‍රමයට පමණි. අයදුම්පත් මාර්ගගතව යොමුකළ පසු එය බාගතකර මුද්‍රිත පිටපත් අයදුම්කරුවන්ගේ අත්සන සහතික කර, අදාළ නම් ආයතන ප්‍රධානියාගේ සහතිකය සමඟ 2021 අගෝස්තු 06 දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බවට වන කොන්දේසිය පිළිබඳචව අවධානය යොමු කරමු.

2. පවතින Covid-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැපැල් කාර්යාල ක්‍රියාත්මක නොවන අතර කරුණු සොයා බැලීමේ දී තැපැල් කාර්යාල මඟින් ඖෂධ බෙදීම හා මහජනාධාර බෙදීමේ කටයුතු පමණක් සිදු කරන බව දැනගැනීමට ඇත.

3. සියලූම තැපැල් කාර්යාල සක්‍රියව ආරම්භ කරන දින පිළිබඳව නිශ්චිත පැහැදිලි කමක් නැත.

4. 2021.08.20 දිනට සිට 2021 සැප්තැම්බර් 06 දක්වා රට අඟුලූ දා තිබීම හා #Covid-19 හේතුවෙන් බොහෝ රාජ්‍ය සේවකයින් අසාධිතයින් වීම, නිරෝධායනයට ලක්ව තිබීම ඇතුළු අනපේක්ෂිත ගැටළුවලට මුහුණ දීමට සිදු වීම.

ඒ අනුව ඉහත සඳහන් කර ඇති දැනට මතුව ඇති ප්‍රායෝගික ගැටළු සලකා බලා උක්ත සීමිත තරඟ විභාග අයදුම්කරුවන් සඳහා අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීමට සහන කාලසීමාවක් ලබා දීම වඩා සුදුසු බව යෝජනා කර සිටිමු.