දුම්රියේ යනඑනවා නම් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න

දුම්රියේ යනඑනවා නම් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න

අද (21දා) සිට ධාවන ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු ‍දුම්රිය ධාවනය නැවත දැනුම්දෙනතුරු අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් දුම්රිය ස්ථාන මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම සිදුකර තිබුණද  19දා පෙරවරුවේ එය අවලංගු කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීම මත මෙලෙස දුම්රිය ධාවනය අවලංගු කිරීමට සිදුවූ බව හෙතෙම පවසයි.

දුම්රිය නැවත ධාවනය වෙනුවෙන් කාලසටහන් සකස් කර අවශ්ය කටයුතු සම්පූර්ණ කර තිබුණ ද නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවෙන්නේ යැයි මෙලෙස දැනුම් දුන්බව ඔහු අද කළ විමසීමකදී පැවසුවේය.

ඉන්ධන අර්භුදයක් නිසා මෙම තීරණය ගෙන ඇති බවට විවිධ පාර්ෂව සැක කළද තම සංගමයට ඒ පිළිබඳ නිෂ්චිත පිළිතුරක් ඒ සම්බන්ධයෙන් ප්රකාශ කළ නොහැකි බවත් සංගමයක් ලෙස මෙම තීරණය ගැනීමට හේතුව තවදුරටත් සොයාබලන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. දුම්රිය භාවිතයේදී මගීන් අතර දුරස්ථ භාවය ආරක්ෂා කරගැනීම අපහසු වීම මත කෝවිඩ් කමිටුවේ කොළ එළිය තවදුරටත් දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැල්වී නොමැති තත්ත්වයක්ද පවතී. කෙසේ වෙතත් අත්යාවශ්ය රාජකාරී සදහා රැකියා ස්ථානවලට යන අය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති සෞඛ්ය ආරක්ෂිත ක්රමවේද යටතේ හෝ දුම්රිය වාර කිහිපයක් හෝ පවත්වාගෙන යෑමේ අවශ්යතාවක් මතුව ඇත. ඒ වෙනුවෙන් බළධාරින්ගේ අවධානය යොමු වීම අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.