අභ්‍යාසලාභින් ස්ථිර කිරිමේ අලුත්ම තත්වය ගැන දැනගන්න

අභ්‍යාසලාභින් ස්ථිර කිරිමේ අලුත්ම තත්වය ගැන දැනගන්න

රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් සේවයේ ස්ථීර කිරීම සම්බන්ධයෙන්වන අලුත්ම තත්ත්වය ගැන සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරිය ආරචිචි මහතා විසින් නිවේදනය කර තිබේ.

ඒ මහතා සඳහන් කරන ආකාරයට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අදාළ ආකෘති පත්‍රයක් යොමුකරමින් තමන් යටතේ පුහුණුවේ නියුක්ත උපාධිධාරීන් පළාත් රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවයටද සිය කැමැත්ත පල කරන්නේ යන ආකාරයට තොරතුරු ලබා ගැනීමක් සිදුව තිබෙනවා.ඒ අනුව රාජ්‍ය සේවාවට වෙන්වන උපාධිධාරීන් හා පළාත් රාජ්‍ය සේවයට වෙන්වන උපාධිධාරීන් වෙන් කිරීම ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබයි.

එමෙන්ම මේවනවිට පළාත් සභා සඳහා කැමැත්ත පලකළ උපාධිධාරීන් පළාත් සභා කිහිපයකට උපාධිධාරීන්ගේ නාම ලේඛන හා ලිපි ගොනු රාජ්‍ය සේවා පළාත් පාලන අමාත්‍යාංශය මගින් පළාත් සභාවෙත යොමුකර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


චන්දන සූරිය ආරච්චි මහතා නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින් නරඹන්න...