වතු කම්කරුවන්ට පිටි සහනාධාර එපා - අපට හිමි වැටුප ලබාදෙන්න

වතු කම්කරුවන්ට පිටි සහනාධාර එපා - අපට හිමි වැටුප ලබාදෙන්න

අපේ වතු කම්කරුවන් මේ රටට බරක් නොවේ. එබැවින් උඩරට ජනතාවට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් මිස තිරිඟු පිටි සහනක් නොවන බව කඳුරට ජනතා පෙරමුණේ මහලේකම් හා මහාචාර්ය විජේචන්ද්‍රන් මහතා පැවසීය.

මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, වතුකරයේ ජනතාවට ඔවුන්ගේ ශ්‍රමයට ලැබිය යුතු වැටුප ලබාදීමට කටයුතු කිරීමට අපොහොසත් වන ආකාරයට මේ රජය තිරිඟු පිටි සඳහා සහනාධාර ලබාදෙමින් සිටිනවා. මේ ක්‍රියාකාරකම අපේ වැඩකරන ජනතාව අනෙකුත් ජන කොටස්වලින් කොන් කරනවා කියලා මට හිතෙනවා.

රටේ තිරිඟු පිටි භාවිත කරන්නේ වතුකරයේ ප්‍රජාව පමණක්ද යන ප්‍රශ්නය පැන නගිනවා. තිරිඟු ආනයනය වැඩි වශයෙන් සිදුවන්නේ නාගරික භාවිතය සඳහා විශේෂයෙන්ම බේකරි නිෂ්පාදන සඳහාය.

එහෙම තියෙද්දී තිරිඟු පිටිවලට පමණක් සහනාධාර දෙනවා කියලා ආණ්ඩුව අපේ ජනතාවට මඩ ගහන්නේ ඇයි.

අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තිරිඟු පිටිවලින් හදන ආහාර ඕනෑවට වඩා නොගන්නා ලෙස උපදෙස් දෙන නමුත් රජය එය අපේ ජනතාවට සහනාධාරයක් ලෙස ලබා දෙනවා.

ඇයි වෙනත් නිෂ්පාදනවලට සහනාධාර දෙන්නේ නැද්ද. මේ ක්‍රියාව හරියට සමහර වතු කම්කරුවන් තිරිඟු පිටිවලට ඇබ්බැහි වෙලා වගේ.

මේ රටේ ආර්ථිකය වෙනුවෙන් සම්පූර්ණයෙන් කැපවෙලා අපේ ශ්‍රමිකයන් අවුරුදු 200ක පමණ කාලයක සිට මේ බිමේ මිය යනවා. නමුත් මේ රජය ඔවුන් වෙනුවෙන් මෙතෙක් කළ දෙයක් නැහැ.

ඊට පටහැනිව, රජය තම වැඩ සඳහා ලැබිය යුතු මුදල් පවා ලබා නොගන්නා සමාගම්වලට අත ගසමින් සිටිනවා.

රුපියල් 1000ක වැටුපක් ලැබුවා යැයි කියන මේ ආණ්ඩුව ඒ සඳහා සමාගම්වලින් නිසි ලෙස ගෙවනවද? මෙවැනි කාරණා ගැන අවධානය යොමු නොකර මේ ආණ්ඩුව නිසි පියවරක් නොගෙන තිරිඟු සහනාධාර ලබා දෙමින් ඔවුන්ව රවට්ටමින් සිටිනවා.

ඒ නිසා අද පවතින තත්ත්වය තුළ අපේ ජනතාවට සහනාධාර අවශ්‍ය නැහැ. ඔවුන්ට නිසි වැඩකරන දින සහ ඔවුන්ගේ වැඩවලට ප්‍රමාණවත් වැටුප් අවශ්‍යයි මහාචාර්ය විජේචන්ද්‍රන් වැඩිදුරටත් පැවැසීය.

Prof. S.Vejichandiran       | මහාචාර්ය විජයචන්ද්‍රන්