අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීම ගැන ඇමති කතා කරයි

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීම ගැන ඇමති කතා කරයි

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පවතිනුයේ 2016 වර්ෂයේ සිට 2020 දක්වා බඳවා ගැනීම් සිදු නොකළ නිසා බව අධ්‍යාපන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  පසුගිය 08 වෙනි දින ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පවතින වර්ෂවල බඳවා ගැනීමේ නිවේදන ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් මේ ගැටලුව උද්ගතව ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

2020 මැයි 30 වැනිදාට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 442ක්, සීමිත තරග විභාග මඟින් සම්පූර්ණ කිරීමටත්, ජ්‍යෙෂ්ඨතා සහ කුසලතා පදනම මත පුරප්පාඩු 67ක් සම්පූර්ණ කිරීමටත්, ගැසට් දැන්වීම් මඟින් බඳවා ගැනීමේ නිවේදනයක් නිකුත් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.


 
තවත් පුවත් කියවන්න...
 
 
 
 
 
 


 
කෝවිඩ් වසංගතය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව ප්‍රමුඛතාව අනුව 5 ශිෂ්‍යත්වය, උසස් පෙළ ආදි විභාග පවත්වා අනතුරුව මේ විභාග කටයුතු ද අවසන් කිරීමට නියමිත බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
 

ගුරු විදුහල්පති සේවාවන්හි සිදු කළ වැටුප් විසමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන, අමාත්‍ය මණ්ඩල තීරණය පිරිවෙන් ආචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද අදාළ කර ගැනීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඇමැතිවරයා කීය