අභ්‍යාසලාභී උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරීන්ගේ ස්ථීර පත්වීම් ගැන නිවේදනයක්!

අභ්‍යාසලාභී උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරීන්ගේ ස්ථීර පත්වීම් ගැන නිවේදනයක්!

2020 රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 2022 ජනවාරි 01 දිනට ස්ථීර කිරීම හා තවදුරටත් පුහුණුවේ නිරත අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථානගත කිරීම 2022 පෙබරවාරි 15 දිනට සියල්ල අවසන් කරන බවට ප්‍රකාශ කළත් එය 2022.02.15 දිනටත් අවසන් නොවීම පිළිබඳව ගැටළු ගණනාවක් ඇති කරමින් පවතින බව සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ස්ථීර කිරීම හා ස්ථානගත කිරීම සඳහා මාර්ගගත (Online) ආකාරයට තොරතුරු ගැනීම සිදු කරනු ලැබුවේ 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ සිටය. එතැන් සිට අවස්ථා කීපයකදීම තොරතුරු ලබාගත්ත ද ස්ථීර පත්වීම් ලිපි ලබාදීම හා තොරතුරු ලබාගත්ත ද ස්ථීර පත්වීම් ලිපි ලබාදීම හා ස්ථානගත කිරීමේ ලිපි ලබා දී අවසන් කිරීමට නොහැකිවීම තුළ සැලකිය යුතු උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් පිරිසක් මේ වනවිටත් දැඩි මානසික පීඩනයකට මෙන්ම අපහසුතාවයන්ට ද ලක් වී ඇති බව අවධාරණය කරමු.


තව පුවත් කියවන්න...



ස්ථීර කිරීම් හා ස්ථානගත කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට අදාළ කාර්ය මණ්ඩලයත් සැලකිය යුතු වෙහෙසක් ගනු ලබන අතර සැලකිය යුතු අභ්‍යාසලාභීන් ප්‍රමාණයක් ස්ථීර කර ඇති නමුත් මේ කටයුත්ත මෙතරම් සංකීර්ණ වීම හා ප්‍රමාද වීමට අදාළව බලපා ඇති හේතු මොනවාද යන්න පිළිබඳව අවධානය කඩිනමින් යොමු කළ යුතුව ඇති බවද පෙන්වා දෙන්නෙමු.

2. 2022 පෙබරවාරි 15 දිනටත් තමන්ව ස්ථීරවන අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, පළාත් සභාව කුමක්ද යන්න පිළිබඳව තොරතුරක් නොදන්නා පිරිසක් සිටීම,

3. මේ ආකාරයෙන් ප්‍රමාදවීමට බලපා ඇති හේතු සඳහා අදාළ අභ්‍යාසලාභීන් පුද්ගලිකව වගකිව යුතු හේතු නොවුනත් අවසානයේ අවසන් අදියරේ ස්ථීර විය හැකි උපාධිධාරීන් දුර සේවා ස්ථානවලට පත්කිරීමට ඉඩ ඇති බවට ඔවුන් තුළ මතු ඇති දැඩි නොසන්සුන්තාවය,

4. ජනවාරි, පෙබරවාරි මාස සඳහා මේ දක්වා වැටුප් හා දීමනා නොලැබුණු පිරිසක් සිටින අතර ගෙවීම් පිළිබඳ ලිපි අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇතත් ඇතැම් ආයතන ප්‍රධානීන්ට ඒ පිළිබඳ නිරවුල් නොවීම මත පිරිසකට වැටුප් හෝ දීමනා මේ දක්වා අහිමිව ඇත,

5. බස්නාහිර පළාත් සභාව ඇතුළු ඇතැම් පළාත් සභාවෙත යොමු කර ඇති දෙවන නාම ලේඛනවල සඳහන් අභ්‍යාසලාභීන් පිළිබඳ අදාළ පළාත් සභා මඟින් ඔවුන් ස්ථීර කිරීම පිළිබඳව පැහැදිලි තොරතුරක් ලබා නොදීම හේතුවෙන් දැඩි පීඩාවක් නිර්මාණය වී තිබීම,

6. යෝජිත ජාතික පාසල්වල සිටින අභ්‍යාසලාභීන්, ගම්පහ බණ්ඩාරනායක ජාතික පාසල ඇතුළු ජාතික පාසල් කීපයක සිටින අභ්‍යාසලාභීන් ස්ථීර කිරීමට අදාළ මේ දක්වා පැහැදිලි පිළිතුරක් නොලැබීම.

මෙතෙක් තොරතුරක් නොමැති, වැටුප් හා දීමනා නොමැති අභ්‍යාසලාභීන් තුළ උද්ගතව ඇති පීඩනය කඩිනමින් තේරුම් ගන්නා ලෙසත්, අදාළ යාන්ත්‍රණවල තවදුරටත් සිර නොවී මීට පෙර උපාධිධාරීන් දහස් ගණන් ස්ථීර කර ඇති ආකාරයට හෝ අවසන් අදියරේ ඇති ස්ථීර කිරීම් අවසන් කරන ලෙසත් අප සංගමය ඉතා වගකීමෙන් ඉල්ලා සිටිමු.

තවදුරටත් දින ලබාදෙමින් ඉදිරියට යා නොහැකි අතර මෙතෙක් ස්ථීර පත්වීම් ලබා නොදුන් හා ස්ථානගත කිරීම් නොවූ අභ්‍යාසලාභීන්ගේ ගැටළුව අවසන් කළ හැකි විශ්වාසනීය තොරතුරක් ඔවුන් වෙත ලබා දෙන ලෙසත් නැවත ඉල්ලා සිටිමු.