පවතින අර්බුදකාරි වාතාවරණය මධ්‍යයේ උග්‍රවන පෝෂණ ගැටලු තුලින් මන්ද පෝෂිත අනාගත පරපුක් බිහිවීමේ අවදානමක් පවතින බවත්, මෙම තත්ත්වය යම් මට්ටමකින් හෝ කළමණාකරණය කර ගනිමින් පෝෂණ ගැටලු වල බලපෑම් අවම කර ගැනිමත්, අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත් නොවීමත් සහතික කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස පහත පස්වැදෑරුම් යෝජනා ඉදිරිපත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
්‍එම නිවේදනයට අනුව, පවතින ආර්ථික අර්බුදයට ලැබෙන විසදුම් පිලිබද පැහැදිලි විශ්වාසනීයත්වයක් නොමැති පසුබිමක සමාජය තුල ඒ හරහා විවිධ අතුරු ගැටලු ගණනාවක් මතුවෙමින් පවතී.
ආර්ථික ගැටලු සමග මතුව ඇති ජිවන වියදම පිලිබද ගැටලුව ජනතාවගේ ආහාර වේල කෙරෙහිද දරුණු ලෙස බලපාමින් සිටි.
මහ බැංකු වාර්ථාද පෙන්නුම් කරන පරිදි විවිධ ක්ෂේත්‍ර වල උද්ධමනයන් සන්සන්දනය කිරීමේදී පසුගිය කාලය තුල ආහාර ද්‍රව්‍ය වල මිල ඉහල යාම කැපී පෙනෙයි.
ඔරොත්තු නොදෙන ආහාර මිලත්, ආහාර හිගයත් යන කරුණු දෙක නිවසේ ආර්ථිකය තුල කළමණාකරණය කර ගැනීම සදහා බහුතරයක් ජනතාව ප්‍රධාන විකල්ප 02 ක් වෙත යොමු වෙමින් සිටී.
01. ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම
02. ආහාරයේ ගුණාත්මක බව අඩු කිරීම
යුනිසෙෆ් සංවිධානය මගින් ශ්‍රී ලංකාව තුල පසුගිය කාලය තුල සිදුකල සමීක්ෂණ මගින්ද තහවුරු වී ඇත්තේ සෑම ශ්‍රී ලාංකික පවුල් 10 කින් 7 ක්ම මෙලෙසින් කටයුතු කරමින් සිටින බවයි.
ජනමාධ්‍ය වාර්තා කල පරිදි මේ වන විටත් සමස්ත ශ්‍රී ලාංකික ජන ගහණයෙන් 25% කට වැඩි පිරිසක් එනම්, ලක්ෂ 50 කට වැඩි ගණනක් මෙම ප්‍රමාණාත්මික හා ගුණාත්මක ආහාර වේලක් සපයා ගැනිමේ ගැටලුවට උග්‍ර ලෙස මුහුණ දෙමින් පවතී.
සෞඛ්‍ය ක්ශේත්‍රයට සම්බන්ධ වෘත්තීය සංවිධානයක් ලෙස අප නිරික්ෂණය කරනුයේ පවතින තත්ත්වයට නිවැරදි හා කඩිනම් විසදුම් ලබා නොදුනහොත් දැනටමත් යම් මට්ටමකින් පවතින පෝෂණ ගැටලු මන්දපෝෂිත අනාගත පරපුක් බිහි කිරීම දක්වා ඔඩුදුවා යා හැකි බවයි.
විශේෂයෙන්ම ළමා මන්ද පෝෂිත තත්ත්වයක් පිලිබද අවදානම බැහැර කල නොහැක.
යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි ළමා මන්ද පෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 7 වන ස්ථානයේ පසුවන අතර දකුණු ආසියා කලාපයේ දෙවන තැන පසුවේ. අපේ කලාපය තුල අප දෙවෙනි වනුයේ ඉන්දියාවට පමණි.
ළමා රෝහල ආශ්‍රිතව මෑතකදී කල සමීක්ෂණයකට අනුවද රෝහල් ගත කල ළමුන් අතර මන්දපෝෂීත තත්ත්වය 20% කට වඩා වැඩි බව හෙලිදරව් වී ඇතැයි ජන මාධ්‍ය වාර්තා පල විය.
ආහාර මිල ගණන් ඉහල යාම, පාසල් දිවා ආහාර වේල සදහාද ඉතා අහිතකර ලෙස බලපා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග ඔස්සේ තහවුරු වෙමින් පවතී.
සමස්තයක් වශයෙන් මිලියන 1.7 කට වැඩි ළමා ජනගහණයක් පෝෂණ ගැටලු හරහා මන්ද පෝෂණ තත්ත්වයක් කරා ගමන් කිරීමේ අවදානමට ලක්ව ඇති බව ඉතා බැරූරුම් ලෙස සැලකිල්ලට ගත යුතුය.
පවතින තත්ත්වය යම් මට්ටමකින් හෝ කළමණාකරණය කර ගනිමින් පෝෂණ ගැටලු වල බලපෑම් අවම කර ගැනිමත්, අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත් නොවීමත් සහතික කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස පහත පස්වැදෑරුම් යෝජනා ඉදිරිපත් කරමු.
දැනටත් පවතින පෝෂණ ගැටලු වඩාත් බැරැරුම් මන්දපෝෂිත තත්ත්වයක් කරා ගමන් කිරීමට ඇති ඉඩ කඩ හැකි සෑම අදියරයකදීම ව්‍යර්ථ කිරිම බලධාරින් සතු වගකීමක් බව සිහිපත් කරමු.
