මර්දනය තුලින් සිදුවන්නේ මහජනතාව ප්‍රකෝප කිරීමයි

මර්දනය තුලින් සිදුවන්නේ මහජනතාව ප්‍රකෝප කිරීමයි

ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාකාරියකු ලෙස කටයුතු කරන ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලකින් යුතුව හෙලා දකින බවත්, මර්දනකාරී ක්‍රියාවන් තුළින් සිදුවන්නේ මහජනතාව ප්‍රකෝප කරමින් ජනතා ප්‍රචණ්ඩත්වයට අත වැනීමක් බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය මාධ්‍ය නිවේදයක් නිකුත් කරමින් කියා සිටී.

ගොරකා දඩමස් කිරීමේ න්‍යායෙයන් මිදී, වානේ පන්නරය ලබන්නේ ගින්නෙන් සහ ජලයෙන් බව තේරුම් ගෙන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්දනය සඳහා සිදුකරන අත්අඩංගුවට ගැනීම් නතර කරන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.