මර්ධනයට එරෙහිව අද රට පුරා උද්ඝෝෂණ

මර්ධනයට එරෙහිව අද රට පුරා උද්ඝෝෂණ

අද ජාතික විරෝධතාවයට සාපේක්ෂව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මෙහෙයවන උද්ඝෝෂණ සියයක් රට පුරා පැවැත් වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ, රවී කුමුදේස් මහතා පවසයි.

ඒ අනුව ප්‍රධාන විරෝධතාවය විහාරමහා දේවී බුදු පිළිමය අසලින් දහවල් 2.30ට ආරම්භ කරන අතර, සියළු ආගමික නයකයින් පෙරටු කර ගනිමින් විහාරමහදේවී උද්‍යානයේ සිට පා ගමනින් ගොස්, සවස 4ට, නිදහස් මන්දිරයේදී ජනතා ආඥඥාවක් නිකුත් කෙරේ.

සාමකාමී ජන අරගලයට පහර දෙමින් මහින්ද රාජපක්ෂ අප්‍රේල් නව වෙනිදා රට ප්‍රචන්ඩත්වයට ගොදුරුකල සේම, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවී පැය 24ක් යන්නට මත්තෙන් අරගලයට පහරදී අර අවුල් ජාලාවක් කර ඇත.

රට හදන කවුරුන් හෝ ජන අරගලය විසින් ලබා දී ඇති සමාජ පරිවර්තනය සිදු කිරීමට සුදුස්සෙකු බව තහවුරු කලයුතු අතර, ජන අරගලයට ගරු නොකරන නායකයෙකු සතුව එම හැකියාව පවතිනු ඇතැයි අප විශ්වාස නොකරමු.

එබැවින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට හැදීමේ සැබෑ ඇභිලාශයක් ඇත්නම්, ඔහු පළමුකොටම සිදු කල යුතු වන්නේ, ජන අරගලයට හිස නැවීමයි. ඊට ගරු කිරීමක් ලෙසයි රවි කුමුදේස් මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ.