විදුලියෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ නිෂ්පාදනයට ඇමෙරිකානූ ආධාර

විදුලියෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ නිෂ්පාදනයට ඇමෙරිකානූ ආධාර

ඇමෙරිකා එක්සත් ජනපද රජය, තම සංවර්ධන නියෝජිතායතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා, ශ්‍රී ලංකාවේ තිරසාර සමාජ සහ ආර්ථික වර්ධනය උදෙසා පවිත්‍ර බලශක්තිය කඩිනමින් දියුණු කිරීමට කැප වී සිටියි.         

අගෝස්තු 16 වැනි දින, ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපති ජුලී චංග් මහත්මිය, USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන සහ ඩේවිඩ් පීරීස් මෝටර් සමාගම (DPMC) අතරේ, "ටුක් ටුක්" යන නමින් කවුරුත් දන්නා ත්‍රීරෝද රථ, විදුලියෙන් ක්‍රියාත්මක කිරීමට හැකි කරවීමට පහසුකම් සපයනු ලබන අවබෝධතා ගිවිසුමක් අත්සන් ලබන අවස්ථාවට සහභාගී වූහ.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය (කොළඹ) කාර්යාලය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.