විභාග කල් යා හැකියි - ජෝසප් ස්ටාලින්

විභාග කල් යා හැකියි - ජෝසප් ස්ටාලින්

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීමෙන් අනෙකුත් විභාග කල්යා හැකි බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා “වැඩබිම“ කළ විමසීමකදී පැවැසීය.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට ගුරුවරුන් දහනවදහසක් අවශ්‍ය බවත්, රජය විසින් ගුරුවරුන්ගේ විභාග දීමනා නොගෙවීමෙන් බොහෝ ගුරුවරුන් විභාග පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා අයදුම් නොකර සිටීම මෙම අර්බුදයට හේතුවක් බවයි.

ගුරුවරන්ගේ දීමනා ගෙවීමට කැබිනට් මණ්ඩලයෙන් රුපියල් 3000ක් ලබාදීමට අනුමතවී තිබුණත් මෙතෙක් එය ක්‍රියාවට නඟා නැති බවත්, නිදහස් උත්සව, ජනරජ පෙරහැරවල් වැනි වියදම් අධික උත්සව පවත්වන රජය ගුරුවරුන්ගේ දීමනා නිසි වේලාවට ලබාදී විභාග නිසි වේළාවට පැවැත්වීම රජයේ වගකීමක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටී.

දැනට පවත්වන විභාග 2022 වර්ෂයට අදාළ ඒවා බවත් ඒවා සියල්ල ද අවසන් නොකර ඇති බව ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේය.