යළිත් ආගමික උමතුවක් නිර්මාණය වීම බුද්ධි ගලනය වේගවත් කරනු ඇත - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

යළිත් ආගමික උමතුවක් නිර්මාණය වීම බුද්ධි ගලනය වේගවත් කරනු ඇත - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

මේ වන විට සායනික විශේෂඥ වෛද්‍යවරු මෙන්ම සාමාන්‍ය වෛද්‍යවරුන් ද රට හැරයාම අඛණ්ඩව සිදුවන බවත් මේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල් රැසක  ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් අපහසුතාවයට පත්වන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ළමා රූප ශල්‍ය රෝග හා නාරි ප්‍රසව ය ද අංශවල විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයාම අනෙකුත් විශේෂඥ වෛද්‍ය අංශ වලට සාපේක්ෂව ඉහළ ප්‍රවණතාවක් පවතින බවත් අදාල වෛද්‍යවරුන්ට විදේශ රටවල පවතින ඉල්ලුම වැඩිවීමට හේතුවක් බවත් ඒ මහතා අවධාරණය කළේය.

මෙව්වා ලංකාවේ බොහෝ රෝහල් ඉතා අපහසුතා මධ්‍යයේ පවත්වාගෙන යාම බවක් එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් සෞඛ්‍ය සේවා භුක්ති විඳීමට තව පැමිණෙන රෝගී මහජනතාව බොහෝ පීඩාවට පත්වන බව පෙනී යන බවත් සඳහන් කළ අතර දැනට රට පුරා තැනින් තැන නිර්මාණය වන ආගම්වාදී උමතුව වැනි කරුණු කෙරෙහි බියට පත්වන වෘත්තියවේදීන් රට හැර යාම වේගවත් වීමට හේතුවක් විය හැකි බව ද සඳහන් කරයි.

උතුරු නැගෙනහිර යුද්ධය නිසා ද 1971 1983 1988 89 මෙන්ම දිගින් දිගටම රට තුළ පවතින ආගමික හා සිවිල් ත්‍රස්තවාදී කටයුතු වලදී බුද්ධිමතුන් රට හැර යෑම වේගවත් වන බැවින් මේ මොහොතේ රට තුළ තැනින් තැන නිර්මාණය වන විවිධ ආගම් වාදී වූ හා ආගම් වලට අපහාස කිරීම් වැනි ක්‍රියාවන් සම්බන්ධ කඩිනමින් පාලනයක් ඇති කිරීම රජයේ වගකීම බවද සඳහන් කළේය.

රට තුළ නිර්මාණය විය හැකියි අස්ථාවර සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් වෘත්තියවේදීන් දැඩි බියකින් පසුවන බවත් අනාගතය තුළ තමන්ගේ සහ තමන්ගේ දරුවන්ට සිදුවන සමාජ සුරක්ෂිතතාව බිඳවැටීම කෙරෙහි බියකින් පසුවන වෘත්තීයවේදීන් රට හැර යාම ඒ සම්බන්ධ සුරක්ෂිත වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමෙන් තොරව පාලනය කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේ ය.

මේ වන විට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම සම්බන්ධයෙන් බොහෝ ජනමාධ්‍ය වාර්තා කරන අතර අවාසනාවට මෙන් එම කරුණු සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය නව දහනයට ලක් නොකිරීම නිසා මේ රටේ සාමාන්‍ය මහජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වන බව සඳහන් කළේය.

හෘද රෝගීන් වකුගඩු රෝගීන් අක්මා රෝගීන් සහ පිළිකා රෝගීන්ද දිගුකාලීන වෛද්‍ය සායනවලට පැමිණෙන රෝගීන්ට මේ වන විට ඖෂධ හිඟය ශල්‍ය උපකරණ හිඟය රෝහල් පද්ධතියේ ඇති ඇතැම් අත්‍යවශ්‍ය යන්ත්‍රසූත්‍ර ක්‍රියාත්මක නොවීම නිසා විශාල වශයෙන් පීඩාවට පත්වන බව යේ තබා ගත යුතු බවත් අනවශ්‍ය ප්‍රශ්න මත අවධානය යොමු කිරීම වෙනුවට සාමාන්‍ය මහජනතාවට ජීවත් වීමේ අයිතියක් කෙරෙහි යොමු වූ අවධානය යොමුකොට ප්‍රමුඛතාව ලබා දීමට අදාළ අංශ දැනුවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද පැවසීය.