නැගෙනහිර පලාතේ ඩෙංගු ව්‍යාප්තිය ඉහලට

නැගෙනහිර පලාතේ ඩෙංගු ව්‍යාප්තිය ඉහලට

නැගෙනහිර පලාතේ ඩෙංගු ව්‍යාප්තිය කෙමෙන් ඉහලට ගමන් කරන බව  දත්ත අනුව දක්නට ලැබෙන්නේ යැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසයි.

මේ අතර නැගෙනහිර පළාතේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ කිහිපයක වාර්තා වූ ඩෙංගු වසංගත තත්ත්වය පිළිබඳව සහ  මර්දන කටයුතු පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් (ජූනි 11) දින මඩකලපුවේදී පැවැත්විනි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු එම සාකච්ජාවට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් මෙන්ම නැගෙනහිර පලාතේ සෞඛ්‍ය බලධාරීන්ද එක්ව සිටියහ.

මේ අතර තවමත් ශ්‍රී ලංකාවේ දක්නට තිබෙන්නේ ඩෙංගු වසංගත තත්වයක් මිස අධි වසංගත තත්වයක් නොවන බව ඇය පෙන්වා දෙයි. තවමත් මේ වසංගතය පාලනයට නතුව පවතී. එය පාලනයෙන් ගිලිහී යාමට නොදී සියලු පාර්ශව කැපවීමෙන් කටයුතු කරමින් ඩෙංගු මර්දනයට දායක වීම අවශ්‍ය බවද වෛද්‍ය පන්නිලහෙට්ටි මහත්මිය අවධාරණය කරයි.