වෙඩි තබා මහජනසෞඛ්‍ය පරීක්ෂක මරයි

වෙඩි තබා මහජනසෞඛ්‍ය පරීක්ෂක මරයි

ඇල්පිටිය දිවිතුරුගමදී අද (26) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

කුරුඳුගහ හැතැක්ම අධිවේගී පිවිසුම පිටුපස දිවිතුරුගම පිහිටි ඔහුගේ නිවසේදී මෙම වෙඩි තැබීම සිදු ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ කරන්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරන දීපල් රොෂාන් කුමාර නැමැති තිදරු පියෙකි.

(ලංකාදීප)