සෞඛ්‍ය වර්ජනය අද සිට ක්‍රියාත්මකයි

සෞඛ්‍ය වර්ජනය අද සිට ක්‍රියාත්මකයි

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් වූ වෘත්තීය ක්‍රියා මාර්ගය වෙනුවෙන් අද (09) දින සිට පහත සඳහන් පරිදි දිවයින පූරා විරෝධතා වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කාර මණ්ඩලය විසින් සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සියලූ පළාත් සෞඛ්‍ය බලධාරින් හට ලිඛිතව දැනුම් දී ඇත.

ඒ අනුව, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මැයි මස 08 වන දින ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 4 ක් සේවා වලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය පළාත් වශයෙන් ක්‍රියාත්මක කිරීමට දවසේ තීරණය කෙරිණි.

ඒ අනූව මැයි මස 09 වෙනි බ්‍රහස්පතින්දා දින සිට පහත දැක්වෙන දිනයන්හිදී උදෑසන 8.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැය 4 ක කාලයක් සේවා වලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කෙරේ. එදිනට අදාල පළාත් සභාවේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පැය 4 ක් සේවා වලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනු ඇත.

  • 2024.05.09 - උතුරු මැද පළාත
  • 2024.05.13 - මධ්‍යම පළාත
  • 2024.05.14 - සබරගමුව පළාත
  • 2024.05.15 - වයඹ පළාත
  • 2024.05.16 - දකුණු පළාත
  • 2024.05.20 - ඌව පළාත
  • 2024.05.21 - බස්නාහිර පළාත

වෘත්තිය ක්‍රියාමාර්ගය පැවැත්වෙන කාලසීමාව තුලදී උක්ත රෝහල් වල කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි සේවාව සැපයීමක් සිදුනොකරන නමුත් හදිසි, අත්‍යාවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවා ආවරණය කිරීමට කටයුතු කරන බවත් දන්වා සිටිමු. 

කෙසේ නමුත් රෝගී සත්කාර සේවාවේ සංවේදීතාවය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ක්‍රියාමාර්ගය තුලදීත් සියළුම ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල්, මානසික රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව තුල අදාල වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශ්වයෙන් නිසි මැදිහත් වීම සිදුනොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග හා වැඩ වර්ජන ක්‍රියාමාර්ග වෙත එළඹීමට සිදු වන බවත් ප්‍රකාශ කරමු.