රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2024/2025 වර්ෂය සඳහා පත් වූ නව නිලධාරී මණ්ඩලය සහ ඉදිරි සැලසුම් ප්‍රකාශයට පත් කිරීමින් මාධ්‍ය නිවේදනයක් නිකු කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය පසුගිය 29 වන දා පැවැති අතර එහිදී විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් (සභාපති) සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස (ලේකම්) දෙදෙනාගේ නායකත්වයෙන් යුක්තව සාමාජිකයින් 16 කින් සමන්විත විධායක සභාව සහ සාමාජිකයින් 35 කින් සමන්විත මධ්‍යම කාරක සභාව 2024/2025 වර්ෂය සඳහා නිතරඟයෙන් තේරී පත් විය.
2022 වර්ෂය වන විට මෙරට වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුහුණ දෙමින් සිටි ගැටලු සහ අභියෝග ගණනාවකට විසඳුම් ලබාදීමට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැඟිමට පසුගිය විධායක සභාවට හැකියාව ලැබිණ. එම ප්‍රතිපත්ති තවත් ශක්තිමත්ව ඉදිරියට රැගෙන යමින් මෙරට වෛද්‍ය වෘත්තිය සහ සෞඛ්‍ය සේවාව රැක ගැනීම අභිනව විධායක සභාවේ ප්‍රධානතම අරමුණයි.
ආර්ථික අර්බුදය, වෛද්‍යවරුන් රට හැර යාම හමුවේ රෝහල් පද්ධතිය අඩපණ වීම, ඖෂධ අර්බුදය, සෞඛ්‍ය සේවාවේ ඵලදායීතාවය ඉහල නැංවීම, සෞඛ්‍ය සේවාවේ යෝජිත ව්‍යුහාත්මක වෙනස්කම් වැනි සෞඛ්‍ය පද්ධතිය ඉදිරියේදී මුහුණ දෙන අභියෝග හමුවේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම වෙනුවෙන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව විධායක සභාව ඉදිරියටත් නොපැකිලිව ඉදිරිපත් වනු ඇත.
වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථායිතාවය ඉහල නැංවීම, යහපත් වෘත්තිය පරිසරයක් බිහිකිරීම, පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා පුලුල් කිරීම, සාමාජිකත්ව සුබසාධනය ආදිය ඔස්සේ මෙරට වෛද්‍ය වෘත්තියේ ගරුත්වය සහ ප්‍රතිරූපය ඉහල නංවමින් රට තුළ සිටින වෛද්‍යවරුන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාකාරී දායකත්වය සහ මැදිහත්වීම ද අඛණ්ඩව සිදුකරනු ඇත.
මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ක්‍රියාත්මක කරන තීරණ හමුවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතින අතර, එහිදී මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය සියලු මැදිහත්වීම් සිදුකිරීමට නව විධායක සභාව ක්‍රියා කරනු ඇත.
නිර්දේශපාලනීය ස්ථාවරය වඩාත් ශක්තිමත්ව තහවුරු කරමින් සංගමය තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ පාරදෘශ්‍යභාවය ස්ථාපිත කරමින් සාමාජික විශ්වාසය සහ මහජන විශ්වාසය තවත් ශක්තිමත් වන වැඩපිළිවෙළක් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය කාලීන සහ සාධනීය මැදිහත්වීම් සිදුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේදීත් කැපවන බව අභිනවයෙන් පත් වූ විධායක සභාව අවධාරණය කර සිටිමු.
Members who elected to the Executive Committee of GMOA for the year 2024/2025
|
Post |
Name with Initials |
|
President |
Dr. Sanjeewa Tennekone |
|
Vice Presidents |
Dr. Uditha Bulugahapitiya |
|
Dr. Sriyantha Amararatne |
|
|
Dr. Chandika Epitakaduwe |
|
|
Dr. S. Mathievaanan |
|
|
Secretary |
Dr. Prabath Sugathadasa |
|
Asst. Secretary |
Dr. Palitha Rajapaksha |
|
Dr. Ajantha Rajakaruna |
|
|
Dr. Wasantha Ranil Kumara |
|
|
Dr. S.G.N. Sanjeewa |
|
|
Dr. Prasad Herath |
|
|
Dr. Chamil Wijesinghe |
|
|
Treasurer |
Dr. Bandara Warakagoda |
|
Editor |
Dr. Chandana Darmaratne |
|
Asst. Editor |
Dr. Chandika Thalgasduwa |
|
Dr. Dinidu Ranasinghe |
Members who elected to the General Committee of GMOA for the year 2024/2025
