ප්‍රතිලාභ රැසක් සමග ලංකා වතු සේවා සංගමය සාමුහික ගිවිසුම අත්සන් කරයි

cesu-cef-agreement-1

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉතා පැරණි සාමුහික ගිවිසුමක් වන ලංකා වතු සේවා සංගමය සහ ලංකා සේව්‍ය සම්මේලනය දෙපාර්ශවය අතර අත්සන්  පසුගිය නොවැම්බර් 06 දා සිදුකළ බව ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ මහතා "වැඩබිම" සමග පවසා සිටියා.

සමරසිංහ මහාත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ලංකා වතු සේවා සංගමය සහ ලංකා සේව්‍ය සම්මේලනය වසර තුනකට වරක් අත්සන් තබන සාමූහික ගිවිසුම මෙරට වැවිලි කරයේ සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වැටුප් හා සේවා කොන්දේසි තීරණය කෙරෙන ගිවිසුමක් බවයි.

රටේ ජාතික ආර්ථිකය ඉහළ නංවන්නට සිය කායික මෙන්ම බුද්ධිමය ශ්‍රමය වගුරුවන වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ඇතුළු ප්‍රතිලාභ රැසක් දිනා දීමට මෙවර සාමුහික ගිවිසුමෙන් හැකිවීම අප සංගමය ලැබූ ජයග්‍රහණයක් මෙන්ම,  විශේෂයෙන්ම එය වැවිලි කරයේ කාර්මික සාමය ආරක්ෂා කරමින් කරන්නට හැකිවීම සතුටට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.