මහජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය කළ මාධ්‍යවේදීන් ඇගයීමට ලක් කරයි

මහජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය කළ මාධ්‍යවේදීන් ඇගයීමට ලක් කරයි

රෝග නිවාරණ අංශය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සන්නිවේදන වැඩපිළිවෙල මහත් ශක්තියක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය - 2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සෑම බදාදා දිනකම ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් සංවිධානය කරන මාධ්‍ය හමුවලට අදාළව විද්වත් සෞඛ්‍ය පණිවුඩ ප්‍රචාරණයට කටයුතු කළ විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන් මෙහිදී ඇගයීමට ලක් කරමින් සහතිකපත් සහ සම්මාන ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදි.

සතිපතා පවත්වන ලද මාධ්‍ය හමු සඳහා ඉහළම සහභාගීත්වය දක්වන ලද හිරු රූපවාහිනි ආයතනයේ ඊ.පී චින්තක ශ්‍යාමාල්, ලේක්හවුස් ආයතනයේ ජයන්ති කුරේ, PFP News වෙබ් පුවත් ආයතනයේ සීතා සෙනෙවිරත්න සහ සමිත් කොඩිතුවක්කු, විජය පුවත්පත් ආයතනයේ බන්දුල පී දයාරත්න, දිනමිණ පුවත්පත් කේ. ඉරෝෂා දීපානි, Mamankari පුවත් වෙබ් ආයතනයේ අතුකොරළගේ නීල් යන මාධ්‍යවේදී වේදිනියන් මෙහිදී ඇගයීමට ලක්විය.

එමෙන්ම මාධ්‍ය පෞරෂත්වය (භාෂා, සමාජ මාධ්‍ය, ගුවන්විදුලි, සිංහල සහ දෙමළ ලේඛණ) අංශයෙන් හිරු රූපවාහිනී ආයතනය වෙනුවෙන් හිරු පුවත් වැඩසටහනේ ඊ.පී චින්තක ශ්‍යාමාල්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සාමාජ මාධ්‍ය අංශයේ එම්.ආර්.අයි. මධුරකාවිනී, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශාන්ත කුමාර, මව්බිම පුවත්පතේ චම්පිකා දීපානී රණසිංහ, විජය පුවත්පත් ආයතනයේ බන්දුල පී. දයාරත්න, Veerakesari Express පුවත්පතේ සෙල්වරාඡ් සුබදර්ශනී යන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් ද මෙහිදී ඇගයීමට ලක් විය.