කොළඹ නගරයේ භාණ්ඩ ප්‍රවාහනය සදහා කම්කරු වෘත්තියේ යෙදෙන්නන් (නාටාමිවරුන්) වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය සායනයක්
පළමු වරට කොළඹ කොටුව ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහනය සදහා කම්කරු වෘත්තියේ යෙදෙන්නන් (නාටාමිවරුන්) හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙනුවෙන් විශේෂ ජංගම සෞඛ්‍ය සායනයක්(10) දින දවස පුරා කොටුව මහ පල්ලිය පරිශ්‍රයේ දී පැවැත්විණි.
සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" වැඩසටහන යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ලෙස මෙම ජංගම සායනය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
මෙරට සියලු ජනතාවට ශාරීරික සහ මානසික නීරෝගි ජිවිතයක් ගත කිරීමට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් පැවැත්වෙන මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන සෑම සති අන්තයකම දුෂ්කර ප්‍රදේශවල ජනතාව ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන අතර මෙම වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනූව පවත්වන ලදී.
මෙහි දී අක්ෂි සායනය, දන්ත සායනය, දියවැඩියා සායනය, ශ්වසන පද්ධතියට අදාළ රෝග පරීක්ෂා කිරීමේ සායනය, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම, සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම ඇතුළු වෛද්‍ය සායන රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.


කොළඹ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව භාණ්ඩ ප්‍රවාහනය සදහා කම්කරු වෘත්තියේ යෙදෙන්නන් (නාටිමි) තුන්දහසකට ආසන්න පිරිසක් සිටන බව මෙහි දී අණාවරණය විය. ඔවුන්ගෙන් බහුතරයක් මෙම සායනය සදහා සහභාගි වූ අතර සර්වාංග රෝග පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සඳහා නොමිලේ ඖෂධ ලබාදීම මෙන්ම වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් රජයේ රෝහල්වල සායන වෙත යොමු කිරීමට ද මෙහිදී කටයුතු කරන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති ප්‍රචාරණ අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතාගේ පුර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ පවත්වනු ලබන මෙම“ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන් මාලාවේ මෙම වර්ෂයේ පවත්වනු ලැබූ පළමු වැඩසටහන මෙය වේ.
මීලග “ආරෝග්‍යා” ජංගම සුව සායනය ජනවාරි 17වනදා මහනුවර දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, පසුගිය වර්ෂයේ ජංගම වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතුකළ බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති ප්‍රචාරණ අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා මෙහි දී අවධාරණය කර සිටියේය.
රජයේ ප්‍රධාන රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් මෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය එකසිය පනහකට අධික පිරිසක් තමසේවා දායකත්වය මෙම ජංගම සුව සායන සදහා ලබා දෙනු ලබයි.

