කටුනායක නිදහස් වෙළඳ කලාපයේ එක්තරා ඇඟලුම් ආයතනයක කම්කරුවන් ඉතාමත් අසාධාරණ ලෙස කටයුතු කරන බව ශ්‍රමිකා අප වෙතට වාර්තා විය. මෙම ආයතනය කම්කරුවන්ගෙන් ඉතා අමානුෂික ලෙස ලබා දිය නොහැකි මට්ටමේ ටාගට් ලබා ගන්නා බවත්, කම්කරුවන්ගෙන් එම ටාගට් ලබා ගන්නේ ඔවුන්ට ඉතා අසභ්‍ය ලෙස බැන වැදී බවත්, කම්කරුවන් විසින් අප හට දැනගන්නට ලැබීය. එමෙන්ම එම ආයතනයේ දිනපතා වැඩ අවසන් වන වෙලාවවත් කම්කරුවන් නොදනී. ඔවුන්ගේ සේවා කාලය ආරම්භ වන්නේ පෙ.ව.7.30 ට වුවද සේවය අවසන් වන වෙලාවක් නොදැන ඔවුන් සේවයට වාර්තා කරයි. ආයතනය විසින් තීරණය කරන වෙලාව තෙක් කම්කරුවන්ට සේවය කරන්නට සිදු වෙයි.
තවද ඉරිදා දින මෙන්ම පෝය දින වලදීද නිරන්තරයෙන් ඔවුන්ගෙන් වැඩ ගන්නා අතර, ගෙවිය යුතු අතිකාලද නියම ආකාරයෙන් ඔවුන්ට නොගෙවන බවත් වැඩි දුරටත් වාර්තා විය. තවද අවුරුදු නිවාඩුව ලබා දී ඒවාට ආවරණ දින ලෙසද ඔවුන් යොදා ගනු ලබන්නේ ඉරිදා දින සහ පෝය දිනයන්ය. ඔවුන්ගේ නිවාඩු දින ආවරණ දිනයන් ලෙස යොදාගෙන ඔවුන්ට වැටුපට ලබා ගැනීමට හැකි අතිකාල මුදලද ආයතනය විසින් නැති කර දමයි.
ඒ වගේම කම්කරුවන් හට ආයතනයෙන් නිවාඩු ලබා ගැනීමද ඉතාමත් අසීරු කාර්rයයක් වන අතර, නිවාඩු ගබා ගැනිමට අවශ්‍ය කාරණා වලදී, සාක්ෂිද ඉදිරිපත් කල යුතුය. උදාහරණයක් ලෙස දරුවකුගේ පාසල් දෙමාපිය රැස්වීමක් සඳහා නිවාඩුවක් ලබා ගැනීමට අවශ්‍යනම් පාසලෙන් එවන ලද ලිපියක් හෝ එම ගස්වීම ඇති බවට අදාල සාක්ෂියක් ආයතනයට ඉදිරිපත් කල යුතුය. මෙම ආයතනයේ කම්කරුවන් ඉතාමත් පීඩනයකින් සේවය කරන අතර, ඔවුන්ට ආයතනය තුල කිසිම ආකාරයේ නිදහසක් නොමැති බවත්, ටාගට් වලට පමණක් ආයතනය ප්‍රමුඛත්වය ලබා දෙන බවත්, ඔවුන්ගේ ආහාර විවේකයන්වත් හරි හැටි ලබා ගැනීමට නොහැකි බව ඔවුන් තව දුරටත් අපත් සමඟ පවසන ලදි.
එසේම ආයතනයේ සේවකයන් ආයතනයෙන් ඉවත්ව ගියද ආයතනයේ කළමණාකාරීත්වයට එය කිසිදු ප්‍රශ්නයක් නොවන බවත්, නවක සේවකයන් එම පුරප්පාඩු වලට ගන්නා තෙක් සේවයේ නියුතු කම්කරුවන් සේවයෙන් ඉවත් වු සේවකයන් සේවය කල ස්ථාන වලද ඔවුන්ගේ ටාගට් ආවරණය කල යුතු බවත් කම්කරුවන් ඉතාමත් කණස්සල්ලෙන් යුතුව ශ්‍රමිකා අප වෙතට වාර්තා කරන ලදි.
කම්කරුවන්ට යහපත් මානසිකත්වයකින් යුතුව නිදහසේ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය නොවී වැඩ කරන්නට හැකි වැඩ පරිසරයක් හිමි නැද්ද?
| ශ්‍රමිකා

