‘සයුර‘ රක්ෂණ යෝජනා ක්‍රමයේ කාර්ය සාධනය ඇගයේ

sauyra-insurance-2026

ධීවර කටයුතුවල නිරත වන පුද්ගලයින් වෙනුවෙන් මෑතකදී ආරම්භ කර ඇති ‘සයුර‘ හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ වැඩසටහනක්  (17) දින කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ඒකාබද්ධ ධීවර සමිති ශාලාවේදී පැවැත්විණි.

එම රක්ෂණ යෝජනා ක්‍රමයේ කාර්ය සාධනය  අගයනු වස් මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි.

කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු විෂයානුබද්ධ රාජ්‍ය ආයතන එක්ව මෙම සුවිශේෂ රක්ෂණ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.

කරදිය සහ මිරිදිය ධිවර කර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයින්ට පමණක් නොව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මත්ස්‍ය අලෙවිකරණ කටයුතුවල නිරතවන පුද්ගලයින්ටද මෙම රක්ෂණ යෝජනා ක්‍රමයට සම්බන්ධවීමට හැකිවීම විශේෂත්වයකි.

අවම වාර්ෂික වාරිකයකින් ආරම්භ කළ හැකි සයුර රක්ෂණ යෝජනා ක්‍රමය හරහා ප්‍රතිලාභීන්ට සිය කර්මාන්තයේ නියැලෙන අවස්ථාවකදී සිදුවන හදිසි අනතුරු , රෝහල්ගතවීම්, තාවකාලික/අර්ධ/පූර්ණ ශාරීරික අකර්මණ්‍යතාවලදී ප්‍රතිලාභ ලබා ගත හැක.

ජීවිත රක්ෂණාවරණය රු. මිලියන 1.2 සිට රු. මිලියන 02ක් දක්වා ක්‍රියාත්මක වේ.සයුර රක්ෂණ යෝජනා ක්‍රමයේ කාය– සාධනය ඇගයීම වෙනුවෙන් පැවති වැඩසටහනට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි ස්ටෙප්නි ප්‍රනාන්දු , කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහ ආරච්චි , අධ්‍යක්ෂ ජනරාල් කැළුම් කළුආරච්චි යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.