රාජ්‍ය නිලධාරින්ට සිය වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබේ.
තාක්ෂණික දෝෂ හේතුවෙන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ලියාපදිංචිවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ පිරිස වෙනුවෙන් මෙම සහන කාලය ලබා දී තිබේ.
මෙම සහන කාලය එම කාලය ජූලි මස 07 වෙනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
එම කාලයේදී දඩ අයකිරීමක් සිදු නොකරන බව ද එහි වැඩිදුරටත් දැක්වේ
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳව වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධව මතුවන ගැටලු පිළිබඳව, කොමිෂන් සභාවේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අංශයේ 076 70 11 954 සහ 011 25 87 287 යන දුරකථන අංකය මඟින් නිරාකරණය කරගන්නා ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලා සිටී.

