අධ්‍යාපන වෘත්තික සභාවෙන් ස්ථාපනය සඳහා සකස් කළ විද්වත් කමිටු වාර්තාව කැබිනට් අනුමැතියට

education-policy-team

අධ්‍යාපන වෘත්තීක සභාව ස්ථාපනය සඳහා සකස් කළ විද්වත් කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව  තිබේ.

පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය හා ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්වත් අනුකමිටුව විසින් සකස් කරන අදාළ වාර්තාවට ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිවුණා.

මහාචාර්ය O.G. දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කෙරුණු එම විද්වත් කමිටු වාර්තාවට මහජන අදහස් ලබා ගැනීම වෙනුවෙන් පසුගිය අප්‍රේල් මස හත්වෙනිදා සිට මැයි  මස 12 වන දින දක්වා පුරා මාසයක කාලයක් අවස්ථාව ලබා දී තිබුණා.

එම අදහස් හා යෝජනා ඇතුලත්ව  සකස් කෙරුණු වාර්තාවට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සභාපතිත්වය හොබවන අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා වූ පාර්ලිමේන්තු අනු කාරක  සභාවේ අනුමැතිය ද පසුගිය දා හිමි වුණා.

ලාංකේය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මෙන්ම වෘත්තීකභාවය ඉහළ නැංවීම සදහා යෝජිත අධ්‍යාපන වෘත්තීක සභාව හැරවුම්   ලක්ෂයක් වන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළා.