කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් අද පෙරවරුවේ සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයට පැමිණ හදිසි ප්‍රශ්න කිරීමක් කර තිබේ.
ඒ, එම සමාගම යටතේ මුද්‍රණය කරන මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත් සේවකයන්ගේ කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධවයි.
වැටුප් නොගෙවීම, වැටුප් ප්‍රමාදය, සේවක අර්ථසාධක අරමුදල් රඳවාගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්යෙන් කම්කරු කොමසාරිස් ආරම්භ කළ විමර්ශන යටතේ මෙම හදිසි පරීක්ෂාව සිදු කර තිබේ.
විමර්ශකයෝ එහිදී පැමිණ සිටි අතලොස්සක් වූ සේවකයන්ගෙන් තොරතුරු ලබාගෙන ඇත.
ආයතනයේ සේවකයන්ගෙන් බහුතරය වැටුප් ලබා දෙන පොරොන්දුව පිට ආයතනයට පැමිණීම වළක්වා ඇති බව එහිදී සේවකයන් විසින් විමර්ශකයින්ට පවසනු ලැබ තිබේ.
විමර්ශන නිලධාරීහු එම අවස්ථාවේ ආයතනයේ ගිනුම් අංශයට ගොස් එහි ප්‍රධානින් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.
හිටපු ඇමති ටිරාන් අලස්ට අයත් සිලෝන් නිවුස් පේපර්ස්හි මෙම කම්කරු විරෝධී පිළිවෙත් සම්බන්ධයෙන් ලංකා ටයිම්ස් දිගින් දිගටම වාර්තා කළ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය කම්කරු කොමසාරිස්වරයාට පසුගිය මාර්තු මාසයේ පැමිණිල්ලක් ද කළේය.
සෝබා කෝලියවංශ
