මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය ශක්තිමත් කරමින්, රෝගී ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක හා විශ්වසනීය ප්‍රතිකාර සේවාවක් සැපයීමේ අරමුණින් ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායක (SKS) තනතුරු සඳහා බඳවා ගත් 436 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් (11) දින මරදාන, ටවර් රඟහල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් හා කුසලතා මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පැවසීය. සෞඛ්‍ය කාර්ය සහායක තනතුරු සඳහා බඳවා ගැනීමේදී දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම පහසු වුවද, එවැනි මැදිහත්වීම්වලට කිසිදු ඉඩක් ලබා නොදී විධිමත් හා විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් ඔස්සේ මෙම බඳවා ගැනීම් සිදු කළ බවද අමාත්‍යවරයා සදහන්කර සිටියේය.
