2027 අයවැය සෞඛ්‍යයේ ගැටලු විසඳන, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ සාධාරණ අපේක්ෂාවන් ඉටුකරන සහ අවසානයේදී රටේ සමස්ත ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්ය සේවාවක් සහතික කරන අයවැයක් බවට පත්වනු ඇති බවට විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
2027 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය මගින් සමස්ත රාජ්ය වියදම රුපියල් බිලියන 4,992ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ඒ අතරින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය සඳහා රුපියල් බිලියන 590ක මුදලක් වෙන් කර තිබීම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි.
මෙම මුදල සමස්ත රාජ්‍ය වියදමෙන් සැලකිය යුතු කොටසක් නියෝජනය කරන බැවින්, එම ප්‍රතිපාදන සෞඛ්ය සේවාවේ සැබෑ අවශ්‍යතා සපුරාලීම සඳහා කෙතරම් ඵලදායී ලෙස යොදාගන්නේද යන්න පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු වේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අපගේ ප්‍රධාන අවධානය යොමු විය යුතු කරුණු:
අපගේ අදහස වන්නේ රුපියල් බිලියන 590ක සෞඛ්ය ප්රතිපාදනය තුළින් පහත සඳහන් කරුණු සඳහා ප්‍රමාණවත් හා සාධාරණ වෙන්කිරීම් සිදුකර තිබේද යන්න පැහැදිලි විය යුතු බවයි.
අපගේ ස්ථාවරය:
සෞඛ්‍ය සේවාවක් යනු ගොඩනැගිලි, උපකරණ සහ ඖෂධවලින් පමණක් සමන්විත සේවාවක් නොවේ. එහි ප්‍රධානතම ශක්තිය වන්නේ කැපවීමෙන් සේවය කරන මානව සම්පතයි.
එබැවින් සෞඛ්ය ක්ෂේත්‍රය සඳහා වෙන්කරන මුදල්වලින් සෞඛ්ය සේවකයන්ගේ වෘත්තීය තෘප්තිය, සේවා ගුණාත්මකභාවය සහ රෝගී සත්කාරයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ප්රමුඛත්වය ලබාදිය යුතුය.
එමෙන්ම, වෛද්යවරුන්ගේ සාධාරණ වෘත්තීය ඉල්ලීම් සහ ආර්ථික ගැටලු හුදෙක් වෘත්තීය සමිති ඉල්ලීම් ලෙස පමණක් නොව, රටේ සෞඛ්ය සේවාවේ අනාගතය සහ එහි පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක කරුණු ලෙස රජය විසින් සැලකිය යුතුය.
අයවැයක සාර්ථකත්වය තීරණය වන්නේ ඒ සඳහා වෙන්කර ඇති මුදලේ ප්‍රමාණයෙන් පමණක් නොවේ. එම මුදල් නිසි ප්‍රමුඛතා අනුව, විනිවිදභාවයෙන් හා ඵලදායී ලෙස යොදාගනිමින් ජනතාවගේ ජීවන තත්ත්වය සහ රාජ්ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකිවීම තුළිනි.
අපගේ අපේක්ෂාව වන්නේ 2027 අයවැය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැබෑ ගැටලු විසඳන, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ සාධාරණ අපේක්ෂාවන් ඉටුකරන සහ අවසානයේදී රටේ සමස්ත ජනතාවට වඩාත් ගුණාත්මක ස්‍ය සේවාවක් සහතික කරන අයවැයක් බවට පත්වනු ඇති බවයි.
