සෞඛ්‍ය පද්ධතියේ ප්‍රධානතම අවධානය ආයතන, වෘත්තිකයන් හෝ පරිපාලන ක්‍රියාවලීන් වෙත නොව රෝගියා වෙත යොමු විය යුතු බවත්, සෑම රෝගියෙකුටම ගෞරවාන්විත හා ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය සවිබල ගැන්වීමට රජය කැපවී සිටින බව "ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය මව්බිමේ සංවර්ධනයට" යන තේමාව යටතේ (26) දින කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී පැවැති රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ (GAMOA) 21 වන සම්මේලනයට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසා සිටියා.
එහිදී ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයේ සහ සංගමයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ නිලධාරීන් ඇගයීමට ලක් කරමින් සමරු තිළිණ ප්රදානය කිරීම ද සිදුවිය.
එමෙන්ම රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ මධ්‍යම පළාත් ලේකම් වෛද්‍ය දිනේෂ් චතුරංග මහතා විසින් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය නංවාලීම උදෙසා රජයට ඉදිරිපත් කරන ලද යෝජනා 17 කින් යුත්, සමුළු යෝජනාවලිය ද සභාවට ඉදිරිපත් කරන ලදි.
මෙම වාර්ෂික මහා සම්මේලන අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන, හිටපු ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනී ගීතාමනී සී. කරුණාරත්න, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති මහාචාර්ය මහේෂ් ප්රියදර්ශණ, රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය අජිත් උපශාන්ත, උතුරු පළාත් ලේකම් වෛද්‍ය ගෝපාල් චන්ද්‍රන් බාලරූබන් යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් කොමසාරිස්වරුන්, විද්වතුන් සහ වෛද්‍යවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
