කොරෝනා තැපැල් කාර්යාල 22 වසා දමයි

කොරෝනා තැපැල් කාර්යාල 22 වසා දමයි

තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් කොම්පඤ්ඤ වීදිය, පානදුර, කෙසෙල්වත්ත හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල වසා දමා ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

 රාජිත රණසිංහ මහතා පැවසුවේ, දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල තැපැල් කාර්යාල කටයුතු ක්‍රියාත්මක නොවන බවයි.

(ශ්‍රී ලංකා මිරර්)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image