ඖෂධවේදය පිළිබඳ වෘත්තීය උපාධිධාරීන් 450ක් ඖෂධ සංයෝජක සේවයට

ඖෂධවේදය පිළිබඳ වෘත්තීය උපාධිධාරීන් 450ක් ඖෂධ සංයෝජක සේවයට

ඖෂධවේදය පිළිබඳ වෘත්තීය උපාධිය සාර්ථකව නිමකරන ලද 450 ක පමණ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2026 නොවැම්බර් මස 23 වන දින රාගම Wave n' Lake Navy Hall පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වන රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ජාතික රෝහල්වල සිට ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක දක්වා ඖෂධ කළමනාකරණ කටයුතු සම්බන්ධ වගකීම් භාරව කටයුතු කරන අතුරු වෛද්‍ය සේවයේ ඖෂධ සංයෝජක නිලධාරීන් 450 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් මැලේසියාවේ Asia e University හා අනුබද්ධිත IIHS Multiversity ආයතනයේ සම්බන්ධීකරණය මත උපාධි පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කරනු ලැබූ උපාධි ප්‍රදානෝත්සවය රාගම Wave n' Lake Navy Hall පරිශ්‍රයේදී 2026 නොවැම්බර් මස 23 වන දින පැවැත්වෙයි. ඊට සමගාමීව මේ වන විට තවත් ඖෂධ සංයෝජක නිලධාරීන් 200කට ආසන්න පිරිසක් උපාධිය හදාරමින් සිටින අතර එම පිරිස ද තම අධ්‍යයන කටයුතු ලබන වසර වන විට අවසන් කිරීමට නියමිතයි.

මේ වැඩසටහන තුළ වර්තමානයේ තම සේවාවට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරනු ලබන 1600කට ආසන්න ඖෂධ සංයෝජක නිලධාරීන්ගෙන් 75%ක පමණ පිරිසක් වෘත්තීය උපාධිධාරීන් ලෙස කඩිනමින් උපාධිධාරී තත්ත්වයට පත් කිරීමේ ඉතා සංවිධානාත්මක පියවරකට ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය කටයුතු සිදු කරමින් පවතියි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා පූර්ව වශයෙන් සේවයට එක්වූ මෙම නිලධාරීන් තමන් උපාධිධාරීන් ලෙස තම වෘත්තීය සංවර්ධනය සිදුකර ගැනීම මත රටේ මහජනතාව වෙත පුළුල් සේවයක් ලබාදීමටත්, සෞඛ්‍ය සේවය තුළ තම කාර්යයන් වෙත අනුගත වීමට ඇති ධාරිතාව සංවර්ධනය වීමෙන් සේවා කාර්යක්ෂමතාවය සංවර්ධනය වීම මත ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට ඇති හැකියාව ප්‍රවර්ධනය වෙයි.

එම කාර්යය හරහා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සෞඛ්‍ය ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගෙනයනු ලබන සැලසුම් සහගත වැඩසටහනේ කොටස්කරුවන් ලෙස විශාල වැඩ කොටසක් ඉටු කිරීමට හැකියාව ලැබෙනු ඇත. එම නිසා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image