අභ්‍යාසලාභීන්ගේ මාස 5ක සේවා කාලය අහිමි කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අභ්‍යාසලාභීන්ගේ මාස 5ක සේවා කාලය අහිමි කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

2019 අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමේදී මාස 05ක සේවා කාලයක් අහිමිකිරීම සබන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් නිවේදනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ,

2019 බඳවාගත් වයඹ පළාත් සභාවට අනුයුක්ත උපාධිධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි අද දින ලබාදි මට කටයුතු කර තිබෙන අතර එහි ස්ථිර අන දිනය ලෙස දක්වා ඇත්තේ 2021 ජනවාරි 1 දිනයයි. අනුව අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ මාස 5ක සේවා කලයක් අහිමි කර තිබෙන අතර මේ අසාධාරණයට එරෙහිව හෙට මානව හිමිකම් කොමිසමට (පුත්තලම) පැමිණිල්ලක් කරන අතර ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වෙන බවයි. තවද බැක්ඩේට් කොට ස්ථිර කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිතියක් ලෙස ද ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම උපාධිධාරීන් අභ්‍යාසලාභීන් 2019 අගෝස්තු මස බඳවාගත්තේ වසරක පුහුණුවකින් පසු ස්ථිර කිරීමට යටත්වයි.

150923982 734047107309116 6385626176608605432 n