විශ්‍රාමිකයින්ට හා රජයේ සේවකයින්ට රු. 5000ක අතිරේක දීමනාවක් (VIDEO)

ඊයේ (03) දින රැස්වූ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් පසු ජනතාව මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන කණ්ඩායම් කිහිපයකට බෙදා දීමනාවක් දීමට තීරණය කර ඇත

ඒ අනුව ඊයේ රාත්‍රී(03) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරමින් කියා සිටියේ, රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

එම දීමනනාවට අමතරව පහත සඳහන් පරිදි විවිධ අංශ සඳහා මෙම සහන පැකේජය ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  • විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480 දෙනාට ද රුපියල් 5,000ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමට ද තීරණය කර තිබේ.
  • සමෘද්ධි ලාභීන්ගේ රුපියල් 3,500 මාසික දීමනාවට ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1,000ක දීමනාවක් ලබාදීම
  • වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 75ක් ලබාදීම
  • පර්චස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීම
  • අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීම
  • වතු ජනතාව වෙනුවෙන් එක් පවුලකට තිරිඟු පිටි කිලෝ 15ක් මාසයක් සඳහා කිලෝවක් රුපියල් 80 බැගින් වූ මිලකට ලබාදීමට
  • ආනයනය කරනු ලබන සියලු අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සම්පූර්ණ බදුවලින් නිදහස් කිරීම
  • ආබාධිත සෙබළුන් සඳහා ද රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

(video- Adaderana අනුග්‍රහයෙන්)