මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ අනුව වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සහ විකිරණ ශිල්පී අනුස්ථාපන සමායෝජන පුහුණුවට 64 දෙනෙකු බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
දීර්ඝ කාලයකට පසු මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත සංවර්ධන කටයුතු මේ අනුව සිදුවන අතර, පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ සෞඛ්‍ය වෘත්තීය කාණ්ඩ රැසක නව බඳවා ගැනීම් සහ පුහුණුවට බඳවා ගැනීම් සිදු කෙරුණි.
