EPF සංශෝධනය පිළිබඳ නියෝගය පාර්ලිමේන්තුවට යයි

EPF සංශෝධනය පිළිබඳ නියෝගය පාර්ලිමේන්තුවට යයි

සේවක අර්ථසාධක අරමුදලට අදාළව දායකත්වය ලබාදිය හැකි අවම වයස අවුරුදු 14 සිට 16 දක්වා වැඩි කිරීමට අදාළ නියෝගය පිළිබඳ ඊයේ (03) පාර්ලිමේන්තුවේ පැවති කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා බලන ලදි.

මේ වනවිට ඒ සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරඇති අතර එම සංශෝධනය පිළිබඳ නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට මෙහිදී එකඟතාවය ඇතිවිය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 03) කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්විය. 

සේවය කිරීමේ අවම වයස අවුරුදු 14 සිට 16 දක්වා වැඩිකිරීමේ සංශෝධනයට සමගාමීව මෙම නියෝගය ඉදිරිපත් කර ඇත.