සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) යනු වැඩකරන ජනයාගේ සම්පූර්ණ අයිතිය සතු ලංකාවේ විශාලතම අරමුදල් ද්විත්වයයි. EPF අරමුදල රුපියල් බිලියන 5,000 ක් සහ ETF අරමුදල රුපියල් බිලියන 600 ට ආසන්න අගයන් ගනී. EPF/ETF අරමුදල් වැඩකරන ජනතාව හැඳින්වූයේ “ෆන්ඩ්” එක යන කෙටි නමින් ය. තුරුණුවියේ සිට ශ්‍රමය වගුරා විශ්‍රාම ගැන්වෙන විට පුද්ගලික අංශයේ සේවකයා ආරක්ෂා කලේ මේ ෆන්ඩ් වලිනි.
වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් ඒවායේ පවතින පාලන ව්‍යුහය වෙනස් කිරීමට පසුගියදා අනුමත කර ඇත. ඒවානම්:
ආණ්ඩුව වසන් කල මහබැංකුව හෙලිකල IMF මගඩිය
වත්මන් ආණ්ඩුවේ කැබිනට් මන්ඩලය EPF/ETF අරමුදල් පාලන ව්‍යුහයන් වෙනස් කිරීමට අත්පොත් තැබූ කැබිනට් පත්‍රිකාව සලකා බැලූවිට, එහි විශාල කුකුසක් සහිත අරම්භයක් ලබාදී ඇත. එම කැබිනට් පත්‍රිකාවට අනුව EPF/ETF අරමුදල් පාලන ව්‍යුහයන් වෙනස් කිරීම,
යන ප්‍රධාන කරුණු තුන දක්වා ඇත.
එම ප්‍රධාන කරුණු සිදුකරන්නේ, විනිවිධභාවය, වගකීම, මහජන විශ්වාසය, ආයතනික විශ්වාසය, කාර්යක්ෂමතාවය, අරමුදල්වල තිරසාර පැවැත්ම, යන සුන්දර කන් පුරවන වචන රැසක් ඉදිරිපත් කරමිනි. කම්කරු ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා ඉහත කී වචන පෙළහර පාමින් වැඩ කරන ජනයාගේ දෑස් නිලංකාර කිරීමට කැසකවන විට, මහබැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමේ යෝජනාවට අදාලව ඉදිරිපත් කල අධ්‍යන පත්‍රිකාවේ සෘජුවම මෙම කටයුත්ත සිදුවන්නේ IMF ණය කොන්දේසි මත බව පවසා ඇත.
ආණ්ඩුවේ වෑයම පදනම් විරහිත පුස්සක් ..
ඉහතින් දැක්වූ අලංකාර වචන සියල්ල ආණ්ඩුව ආරම්භයේ සිටම ක්‍රියාවට නංවමින් සිටින්නේ වැඩකරන ජනයාගේ සැකය වැඩිවන අයුරින් ය. ඒවා ඔබගේ දැනගැනීමට මෙලෙසින් පෙලගස්වන්නෙමු.
තවද මහබැංකුව තුල පැවතියදී අදාල අරමුදල් වල දූෂණ අක්‍රමිකතා සිදුවී ඇත්නම් කලයුත්තේ
ආයතනගත පුද්ගලික සේවක අර්ථ සාධක අරමුදල් වල ද පොලී අඩුවීමේ අවදානමක් !
තම ආයතන මට්ටමෙන් පුද්ගලිකව පවත්වාගෙන යනු ලබන සේවක අර්ථසාධක අරමුදල් ද පවතී. එම අරමුදල් වල වාර්ෂිකව සාමාජිකයාට ගෙවනු ලබන පොලිය ලබා ගැනීමට සිදුකරන ආයෝජන පිළිබඳ තීරණය කෙරෙනුයේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයාට ගෙවනු ලබන පොලී අනුපාතය සැලකිල්ලට ගනිමින් ය. සේවක අර්ථ සාධක අරමුදල මහබැංකුවෙන් ගලවා හාම්පුතුන්ගේ සූදුවල පරදු තබා සිදුවන අලාබයන් නිසා සාමාජිකයාට ගෙවන ගාස්තුව අඩුවනු නියතය. එබැවින් ඉහත කී පුද්ගලික අරමුදල් වල පොලී අනුපාතයන් නිතැතින්ම අඩුවනු ඇත.
කෝකටත් තෛලය “දේශපාලන බිල්ලෝ”
ආණ්ඩුවේ උප්පරවැට්ටි එලෙසින් සිදුවන අතරතුර, කම්කරු ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡා පිට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ෑඡත්‍රැෑඔත් අරමුදල් රැකගැනීමට කටයුතු කරන අප බොරු බිල්ලන් මවන බවට සහ දේශපාලන විරුද්ධවාදීන් ලෙස චෝදනා කරමින් ඇත. වැඩකරන ජනතාවගේ අරමුදල් රැකගැනීමට සිදුකරන මැදිහත්වීම් “බොරු බිල්ලන්” හෝ “විරුද්ධ දේශපාලනික අභිලාශ” ලෙස ලේබල් ගසා කටයුතු ඉදිරියට යන්නේනම් මෙරට වැඩකරන ජනතාවගේ ප්‍රතිචාරය කෙබඳුදැයි අතීත ක්‍රියාකාරීත්වයන් හොඳින් හදාරා බලන ලෙස අප ආණ්ඩුවට සිහිකර සිටිමු.
ලාංකීය වැඩකරන ජනතා සහතිකය
EPF අරමුදලේ දැවැන්ත ධනස්කන්ධය හාම්පුතුන්ගේ හිත්සැනසීමට ඔවුන්ට රිසිසේ අවභාවිතාකරමින් මඩි තරකරගැනීමට කිසිදු ඉඩක් ආණ්ඩුවකට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට ඉඩ නොතබන බව ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධන එකතුව ලෙස අප සපතකර සිටිමු.
ජනබලය අවලංගුද?
වංචාව, අක්‍රමිකතාවය සහ දූෂණය යන වචන අතුගා දැමීමට බලය ගත් ආණ්ඩුව හාම්පුතුන්ගේ මනදොල පිරවීමට සේවක විශ්‍රාම අරමුදල් බිල්ලට දීමට සැරසෙන්නේනම් බලය දුන් පදනම අවලංගු කරඇති බවට ජනතාව තීරණය කරනු ඇත.
ස්වාධීන වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව
(ස්වාධීන වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් බෙදාරින ලද පත්‍රිකාවකි)

