මහනුවර රෝහලේ කැතිටරකරණ යන්ත්‍රය නැවතීමෙන් රෝගීන් අමාරුවේ

මහනුවර රෝහලේ කැතිටරකරණ යන්ත්‍රය නැවතීමෙන් රෝගීන් අමාරුවේ

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද කැතීටරකරණ ඒකකය (Cath Lab/ Catheterization Unit) ඒකක දෙකක් පවතින අතර ඉන් එක් යන්ත්‍රයක් මැයි මස 06 වෙනිදා සිට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත. අනෙක් යන්ත්‍රයද, නඩත්තු මට්ටමේ පවතින අතර එම යන්ත්‍රය ද ඉදිරි කාලය තුළ බිඳ වැටීමේ ඉහළ සම්භාවිතාවයක් පවතී.

මෙම යන්ත්‍ර භාවිතාවෙන් හෘද රෝගීන් සඳහා පහත සඳහන් පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලැබේ.

පරීක්ෂණ :
1.ඇන්ජියෝග්‍රෑම් පරීක්ශණ - Angiogram study මෙමගින් හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි වල ඇතිවන අවහිරතා හදුනාගනී
2. කිරීටක ධමනි අවහිරතා මගහරවා ගැනීම සදහා ස්ටෙන්ටිං ප්‍රතිකාර
Stenting treatment . අවහිරතාව ඉතා ඉහල නම් ඒවා බයිපාස් සැත්කම් වලට යොමු කලයුතු වේ.
3. හෘදයෙහි ඇතිවන සිදුරු හදුනා ගැනීම සහ ඒවා නිවරදි කිරීම
4. හෘදයෙහි කපාට වල ඇතිවන දෝශ හදුනා ගැනීම.

දැනට බිඳ වැටීමට ලක්වූ යන්ත්‍රය 2006 වර්ෂයේ දී මහනුවර ජාතික රෝහලේ ස්ථාපනය කළ අතර, 2019 වර්ශයේදී අදාල සේවා සපයන දේශීය සමාගම 2019.12.31 සිට මව් සමාගම එම යන්ත්‍රයේ අමතර කොටස් සැපයීම නතර කරන බව දන්වා ඇත.

මහනුවර ජාතික රෝහලේ නිලධාරීන් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර නව යන්ත්‍රයක් ලබා දෙන ලෙස දැනුවත් කර ඇත.

දැනට මෙම යන්ත්‍රය නඩත්තුව සඳහා මිලියන 26 ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙන අතර නඩත්තුව සිදුකරන්නේද යන්න සම්බන්ධව තීරණයක් ගෙන නොමැත.

මෙම එක් යන්ත්‍රයකින් දිනකට රෝගීන් 15 -20 ප්‍රමාණයක පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සිදු කළ අතර පසුගිය වසරේ රෝගීන් 7200 ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිට ඇති අතර එයින් විශාල ප්‍රමාණයකට පරීක්ශණ සහ ප්‍රතිකාර කිරීමට අවස්ථාව නොලැබුණි.

දැනට මෙවැනි යන්ත්‍ර පවතින්නේ රෝහල් 11ක පමණක් වන අතර එම රෝහල් 11 සතුව යන්ත්‍ර 14ක් පවතී. මහනුවර ජාතික රෝහල සතුව යන්ත්‍ර දෙකක් , ශ්‍රී ලංකා ජාතික රෝහල සතුව යන්ත්‍ර තුනක් පවතී.

කොළඹ ජාතික රෝහලේද තිබෙන යන්ත්‍ර තුනෙන් ප්‍රතිකාර සේවා සඳහා යොදා ගන්නේ යන්ත්‍ර දෙකක් පමණි. එයින්ද එක් යන්ත්‍රයක් බිඳවැටී දැනට මාසයකට වඩා වැඩි කාලයක් ගත වී ඇත.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය