Online දඩ ගෙවන්නේ බලාගෙනයි “ශ්‍රී ලංකා CERT ආයතනෙයන් මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්“

cert-gov-pay

මාර්ග වල සවි කර ඇති CCTV කැමරා පද්ධති මඟින් රථවාහන වැරදි හඳුනාගගන ඇති බව පවසමින්, ශ්‍රී ලංකා පොලීසිය ලෙස හැගෙන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ හරහා රියදුරන් මුලාකර මුදල් සහ පෞද්ගලික දත්ත වංචා කිරීමේ සයිබර් ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය මහජනතාව ගවත අනතුරු ඇඟවීමක් නිකුත් කර සිටී.

මෙම ව්‍යාජ පණිවුඩ ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද නිල දැනුම්දීම් ලෙස පෙනී යන අයුරින් සකස් කර ඇති අතර, ව්‍යාජ දුරකථන අංක සහ සබැඳි (Links) භාවිත කරමින් ජනතාව වෙත යොමු කරනු ලබන බවට නිරීක්ෂණය වී ඇත.

අදාළ පණිවුඩ මඟින් පරිශීලකයින් ව්‍යාජ වෙබ් අඩවියක් වෙත යොමු කරමින්, රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවන ලෙස උපදෙස් ලබා දේ. මෙම වෙබ් අඩවිය රජගේ නිල ‘GovPay’ ගෙවීමේ පද්ධතියට බෙහෙවින් සමාන වන අයුරින් නිර්මාණය කර ඇති බැවින්, සාමාන්‍ය ජනතාව නොමඟ යාමේ දැඩි අවදානමක් පවතී.

මෙවැනි ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස ගෙවීම් සිදු කරන අවස්ථාවලදී, ක්‍රෙඩිට් /ඩිබෙට්  කාඩ්පත් තොරතුරු, OTP දත්ත, ජාතික හැඳුනුම්පතේ තොරතුරු සහ අනෙකුත් සංවේදී පෞද්ගලික දත්ත වංචාකරුවන් සතු විය හැකි බව ශ්‍රී ලංකා CERT ආයතනය අවධාරණය කරයි.

ඒ අනුව, මහජනතාව පහත කරුණු පිළිබඳ විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතුය.

  • ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් තොරතුරු (Card Details)
  • බැංකු ගිණුම් ආරක්ෂිත කේත (OTP)
  • ජාතික හැඳුනුම්පත් තොරතුරු (NIC)
  • අනෙකුත් සංවේදී පෞද්ගලික දත්ත

ශ්‍රී ලංකා CERT ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය මෙවැනි සයිබර් වංචාවලට හසු නොවී සිටීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පහත පියවර අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  • SMS හෝ WhatsApp මඟින් ලැබෙන සැකකටයුතු සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වළකින්න.
  • දඩ මුදල් ගෙවීමට පෙර අදාළ වෙබ් අඩවියේ නිලභාවය (Official Website URL) හොඳින් තහවුරු කරගන්න.
  • නොදන්නා හෝ සැකසහිත වෙබ් අඩවිවලට බැංකු හෝ කාඩ්පත් තොරතුරු ලබා නොදෙන්න.
  • සැකකටයුතු පණිවුඩ හෝ වෙබ් අඩවි පිළිබඳව වහාම ශ්‍රී ලංකා CERT ආයතනය හෝ ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුම් දෙන්න.
  • ඔබගේ දුරකථනයට ලැබෙන OTP කේත හෝ පුද්ගලික තොරතුරු කිසිදු තෙවන පාර්ශවයකට ලබා නොදෙන්න.
  • නිල දඩ පත්‍රිකාවක් ලැබී ඇත්නම් පමණක් 'GovPay' හරහා ගෙවීම් කරන්න.
  • සැකකටයුතු පණිවුඩ හෝ වෙබ් අඩවි පිළිබඳව වහාම ශ්‍රී ලංකා CERT ආයතනයට හෝ ශ්‍රී ලංකා පොලීසිය වෙත දැනුම් දෙන්න.

තවද, ‘GovPay’ පද්ධතිය හරහා රථවාහන දඩ මුදල් ගගවීම සිදු කළ යුත්තේ පොලිස් නිලධාරියකු විසින් නිල වශයෙයන් වරදක් දැනුම්දීමෙන් සහ නිල දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමෙන් පසුව පමණක් බව ද ශ්‍රී ලංකා CERT ආයතනය මහජනතාවට සිහිපත් කරයි.

ශ්‍රී ලංකා CERT ආයතනය සියලුම අන්තර්ජාල සහ ඩිජිටල් සේවා භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටින්ගන්, මෙවැනි සයිබර් වංචා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසයි.