#OnlineSafetyAct බලාත්මක කරයි – “මින් ඉදිරියට ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත හානියක් සිදුවිය හැකියි” (VIDEO)

#OnlineSafetyAct නමින් පසුගිය ජනවාරි 24 සහ 25 පාර්ලිමේන්තුවේදී විවාද කිරීම සදහා ඉදිරිපත් කර තිබූ අදාළ පනත් කෙටුම්පත, ජනවාරි 25 දා වැඩි ඡන්දයෙන් සම්මත විය. පාර්ලිමේන්තුවේ සම්මත වූ එම පනත, කතානායක, මහින්ද යාපා අබේවර්ධන විසින් (01) දින සිය අත්සන යොදා බලාත්මක කළේය.

කෙසේ නමුත් දෙස් විදෙස් ආන්දෝලනයට තුඩු දුන් එම පනත් කෙටුම්පත දැන් ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් වී අවසන් වී ඇත. එම පනත, පනතින් පසු එළැඹෙන තත්ත්වයන් පිළිබද, අන්තර්ජාල අවකාශය සහ ඒ තුළ වන සමාජ මාධ්‍ය වේදිකාවන්, අන්තර්ගතයන් පිළිබද, ලංකාවේත්, කලාපීය සහ ගෝලීය වශයෙනුත් ක්‍රියාකාරන විද්වත් පර්යේෂකයෙක් වන ආචාර්ය සංජන හත්තොටුව ට අප ‘විකල්ප’ වෙබ් අඩවිය සාකච්ඡාවක් සදහා ආරාධනා කළේය.

මෙම සාකච්ඡාව පටිගත කරන මොහොත වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා, ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් මර්දනය කරන #OnlineSafetyAct නම් පනත බලාත්මක කිරීම සිදුකර හමාරය. එනයින් මෙම සාකච්ඡාවේ ආචාර්ය සංජන හත්තොටුව විසින් මතු කරන කරුණු අද ද, අනාගතයේ දී ද ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් වර්ධනය කරන ඒ වෙනුවෙන් වෙහෙසෙන පුරවැසියන්ට ඉතාමත් වැඩදායක අන්තර්ගතයක් ඔහු විසින් මතු කර ඇත. එබැවින් (පෙබරවාරි 01) දින, මේ මොහොතේ මෙම වීඩියෝවේ දක්වන අදහස් ඉතාමත් පරිස්සමින් ධාරණය කර ගන්නා ලෙස අපි පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

ඒ අදහස් ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ප්‍රවර්දනය කරන සමාජයක් වෙනුවෙනි!

(උපුටා ගැනීම - විකල්ප වෙබ් අඩවියෙන්)