උතුරේ රෝහල් කණිෂ්ඨ සේවකයින්ට “රාජකාරි වගකීම් හා සන්නිවේදනය“ පිළිබඳ පුහුණුවක් (Photo)

උතුරේ රෝහල් කණිෂ්ඨ සේවකයින්ට “රාජකාරි වගකීම් හා සන්නිවේදනය“ පිළිබඳ පුහුණුවක් (Photo)

ශ්‍රී ලංකා ජනරාජ සෞඛ්‍ය සේවා සංගමයේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල සේවය කරන නායක  කණිෂ්ඨ සේවක/සේවිකාවන් සඳහා “රාජකාරි වගකීම් සහ නවීන තාක්ෂණය, නායකත්වය, සන්නිවේදනය හා ඉදිරි දැක්ම“ පිළිබඳ පුහුණු සැසියක් සැප්තුම්බර් 26 දින යාපනයේදී පවත්වනු ලැබීය.

මෙම වැඩසටහනට උතුරු පළාතේ රෝහල් වල සේවය කරන ශ්‍රී ලංකා ජනරාජ සෞඛ්‍ය සේවා සංගමය නියෝජනය කරන නායකයින් සඳහා මෙම පුහුණු වැඩමුළුව පවත්වන ලදි.

ශ්‍රී ලංකා ජනරාජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ඩබ්. ඒ. ඩී. විමලරත්න, ලේකම් බී. එච්. එස්. සුදර්ශන හා පරිපාලන නිලධාරි පී. ජී. චන්ද්‍රසේන මහත්වරුන් විසින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි.

මෙම වැඩමුළුව වේලයිත්තලම් හා වැඩබිම මාධ්‍ය සාමූහිකය විසින් මෙහෙයවන ලදී.