තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ (UPTO) නිලවරණය 2026 අගෝස්තු මස 23 දින පැවැත්වීමට සුදානම් කර ඇති බව එහි ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර “වැඩබිම“ කළ විමසීමකදී පවසා සිටියේය.
මෙවර online මගින් තම සාමාජිකයින් සියලුදෙනාටම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව හිමිකර ඇති අතර, කිසිඳු වියදමකින් තොරව නිළවරණය සඳහා සහභාගීවීමට අවස්ථාව සලසා ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
වෘත්තීය සමිති ඉතිහාසයේ ප්‍රථමවරට වෘත්තීය සමිතියක් විසින් පූර්ණ ඩිජිටල්කරණයට පත්කරමින් මෙවර online මගින් තම සාමාජිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සඳහා අවස්ථාව හිමි කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් නිර්මානය කරන ලද APP (ඇප්) යෙදවුමක් හරහා තම දුරකථනය මගින් තම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා ඇත.
මෙම APP (ඇප්) යෙදවුමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) විසින් මේ සඳහා පූර්ණ අනුමැතිය හිමිව ඇත.
ඉදිරියේදී තම රටපුරා සිටින තම සාමාජිකත්වය ලබාගෙන ඇති වෘත්තිය සමිති සඳහා මෙම online ක්‍රමය මගින් තම සාමාජිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවුන් ඇති අතර, එය වියදම් අඩු හා සියලු සාමාජිකයින්ට සම්බන්ධවීමට ඇති අවස්ථාව ඉහල බව මංජුල බණ්ඩාර ජයසුන්දර වැඩි දුරටත් පවසා සිටියේය.

